රූකඩය සහ ඒකාධිපතියා

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    මම හිතන්නේ යුක්‍රේනයේ ඛේදජනක සහ අඥාන ඉතිහාසය අප සැවොම අධ්‍යනය කළ යුතුයි.

    2014 වසරට පෙර යුක්‍රේනය ලෝකයේ සාමකාමී රටක්. ඒ වගේම ආර්ථික වශයෙන් දියුණු සහ දීප්තිමත් අනාගතයක් තිබූ රටක්. ලෝකයේ 'රෙයා අර්ත්' (Rare earth) නමින් හඳුන්වන මිල අධික, දුර්ලභ ඛණිජ සම්පත් තිබූ රටක් යුක්‍රේනය.

    යුක්‍රේනයේ මිලියන 45 ක ජනතාවක් ජීවත් වුණා. ඔවුන් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා.

    කෙසේ වෙතත් 2014 වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි රජයට එරෙහිව කැරැල්ලක්, විප්ලවයක් ආරම්භ වෙනවා.

    යුක්‍රේන ජනතාව විසින් සිදු කරන බව පෙන්වූ ඒ කැරැල්ලේ පසුපස සිටියේ ඇමෙරිකාව සහ යුරෝපය. ( ඒ බව ඇමෙරිකාව නිල වශයෙන්ම පිළිගත්තා, මෙහෙයුම භාරව සිටි නිළධාරිනිය වික්ටෝරියා නූලන්ඩ්. මයිදාන් අරගල වාර්තාව / C.I.A)

    පසුකාලීනව මයිදාන් අරගලය නමින් ඉතිහාසයේ ලියැවුණේත්, බටහිර මාධ්‍ය විසින් උත්කර්ෂයට නැංවූවේත් ඒ විප්ලවය.

    යුක්‍රේනයේ ආණ්ඩුව (රුසියානු හිතැති) පෙරළුණා. ඇමෙරිකාවට අවශ්‍ය පාලනයක් යුක්‍රේනයේ ඇති වුණා.

    2022 වසරේ යුක්‍රේනයට ඇමෙරිකාව විසින්ම පත් කළ පාලකයා විසින් රුසියාව සමග යුද්ධයක පැටළුණා.

    ඒ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සමග. සැබැවින්ම එය යුක්‍රේනය ලවා ඇමෙරිකාව රුසියාව සමග ඇතිකරගත් ගැටුමක්.

    නැගෙනහිර යුරෝපයට හෙවත් තමන්ගේ දේශ සීමාවටම ප්‍රතිවාදී නේටෝ කඳවුරු පැමිණීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එය අතිශය සාධාරණයි.

    එම නිසා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනවා.

    යුද්ධයේ පළමු සතියේදීම රුසියානු ජනපති පූටීන්, යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනවා.

    ඔහුට යුක්‍රේන භූමිය අවශ්‍ය වුණේ නැහැ. ඔහුට යුක්‍රේන ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා නොගන්නා බවට සහතිකයක් පමණයි.

    එය අතිශය සාධාරණයි.

    නමුත් ඒ මොහොතේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට කියනවා. මන්ද ඇමෙරිකාවට සහ බටහිරට මේ යුද්ධය අවශ්‍ය වුණා.

    ඔවුන් යුක්‍රේනයට කියනවා "ඔබ යුද්ධ කරන්න, අවශ්‍ය සෑම දෙයක්ම අප දෙන්නම්" කියලා.

    ඒ පොරොන්දු ඔවුන් ඉටු කරනවා.

    මන්ද මෙය යුක්‍රේනය ලවා ඔවුන් රුසියාවට එරෙහිව කළ රූකඩ යුද්ධයක් (Proxy war).

    යුක්‍රේනයට අවශ්‍ය මුදල්, නවීන යුද උපකරණ, කුලී හේවායන් සියල්ල ඔවුන් ලබා දෙනවා.

    නමුත් දිනෙන් දින යුක්‍රේනය යුද්ධය පරාජය වුණා. ඔවුන්ට සිය භූමිය අහිමි වුණා. බටහිර යුධ ආධාර වලින් සිදු වුණේ රුසියාවේ ජයග්‍රහණ ප්‍රමාද වීම මිසෙක, යුක්‍රේනය යුද්ධය ජය ගැනීම නොවෙයි.

    ඒ බව සියලූම දෙනා දැනසිටියත් සැමට මේ යුද්ධය අවශ්‍ය වුණා. යුක්‍රේන පාලකයාට මේ යුද්ධය ධන නිධානයක්. ඔහු යුද්ධයෙන් විශාල මුදල් සම්භාරයක් වංචා කළා.

    ඇමෙරිකාවේ ස්ථාවරය වූයේ හැකි පමණ රුසියාව දුර්වල කිරීමට යුද්ධය ඇද ගෙන යා යුතු බව.

    අවසානයේ 2024 වසරේ ඇමෙරිකාවේ ආණ්ඩු මාරු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිධූරයට පත්වෙනවා. ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    නව ඇමෙරිකානු පාලනය යුක්‍රේනයට මුදල් ආධාර ලබා දීම නවත්වනවා.

    යුක්‍රේනය සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඔවුන්ට ආයුද, උණ්ඩ මෙන්ම සෙබලුන්ගේ ආහාර සහ වැටුප් පවා හිඟ වෙනවා.

    එක්වරම යුද්ධය රුසියාවට ඉතා පහසු දෙයක් බවට පත්වෙනවා.

    දැන් ඇමෙරිකාව මුල් වී යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා ආරම්භ කරලා. කවදත් සිය ඉල්ලීම් ඉටු වෙනවා නම් සාමයට විරුද්ධ නැති පූටින් එයට එකඟත්වය පළ කරලා.

    එදා යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට උපදෙස් දුන් ඇමෙරිකාවම මුල් වී අද සාම සාකච්ඡා ආරම්භ කිරීම දෛවයේ සරදමක්.

    ඒ විතරක් නොවෙයි.

    මේ වසර තුනක තුළ ඇමෙරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් යුද ආධාර වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 350 ක්.

    නව පාලනය යටතේ ඇමෙරිකාව යළිත් ඒ මුදල් යුක්‍රේනයෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේනයට එම ණය ගෙවීමට මුදල් නැහැ.

    ඉතින් යුක්‍රේනය සතු වටිනා සහ විරල ඛනිජ සම්පත් වල අයිතිය ඇමෙරිකාවට ලියා දීමට යුක්‍රේනයට සිදු වෙනවා. එම ඛණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 500 ක්.

    ඩොලර් බිලියන 350 ක් වැය කළ ඇමෙරිකාව ඩොලර් බිලියන 500 ක් උපයනවා.

    එපමණක් නොවෙයි, රුසියාවේ සියලූම ඉල්ලීම් වලට එකඟ වෙන ලෙස යුක්‍රේනයට බල කරන්නේ ඇමෙරිකාවමයි.

    අද යුක්‍රේනය බිඳ වැටුණු, කඩා වැටුණු රටක්.

    අද යුක්‍රේනයේ ජනගහනය මිලියන 25 යි.

    අද යුක්‍රේන ආර්ථිකය බංකොලොත්. නිෂ්පාදනය බිංදුවයි. රැකියා සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බංකොලොත්.

    යුද්ධයෙන් යුක්‍රේන තරුණයන් ලක්ෂ 15 ක් මිය ගිහින්. එය එක් පරම්පරාවක්ම අහිමි වීමක්. එවැනි පරම්පරාවක් අහිමි වීම රටකට දරාගත නොහැකියි.

    ඒ විතරක් නොවෙයි. යුක්‍රේනය සතු වටිනාම සම්පත වූ වටිනා ඛණිජ සම්පත් අද ඔවුන්ට අයිති නැහැ.

    එපමණක් ද නොවෙයි. මේ දක්වා යුද්ධයෙන් යුක්‍රේන භූමියේ 20% ක් ඔවුන්ට අහිමි වුණා.

    සාම ගිවිසුමේ කොන්දේසි අනුව එම භූමිය ද ඔවුන්ට අහිමි වෙනවා. එම භූමිය රුසියාවට ලබා දීමට ඇමෙරිකාව එකඟ වුණා.

    2014 කැරැල්ල හෝ, 2022 සාම සාකච්ඡා මග හැරීම සිදු නොකළා නම් යුක්‍රේනයට මේ විනාශය සිදු නොවීමට තිබුණා. අදත් යුක්‍රේනය එදා පැවැති 'දිව්‍ය ලෝකයම' වන්නට තිබුණා. අද යුක්‍රේනය මල සොහොනක්. අපායක්.

    මේ යුද්ධය මෙලෙස අවසන් වීමට විශාල හේතුවක් වූයේ සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදැකීම.

    සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීම් ඇසුරින් පෙනෙන්නේ ඔවුන් පූටින්ගේ පෞරුෂයට බොහෝ ගරු කරනවා.

    නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බව පොරොන්දු වූ නිසා.

    සාමාන්‍ය ඇමෙරිකානුවා නායකයෙකු ලෙස දැක්කේ පූටින් මිසෙක සෙලෙන්ස්කි නොවෙයි. ශක්තිමත් පෞරුෂයක ඇති වාසිය ඒකයි.

    රටකට සිටිය හැකි නරකම නායකයා වෙනත් කිසිවෙක් නොවෙයි, රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'.

    වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.

    ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.

    නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.

    යුක්‍රේනයෙන් අපට උගත හැකි පාඩම එයයි.

    - Ireshan Siriwardhana -
    1000062330.jpg
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Hodama wade joker kiyana eka loke yuda balawatek kiyala batalu hamak porawan idapu unge jangiya pitinma galawala daapu eka.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජෙප්පොන්ට පෙනෙන්කම් බම්ප් වෙන්න ඕනේ පොස්ට්...
     
    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    142
    43
    LK
    එක වෙලාවකට හිතෙනව ලංකාවෙ තෙල්, ගැස්, ඛනිජ සම්පත් අඩු උනෙ රටේ වාසනාවටද කියලා..:baffled:
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,015
    113
    Head maru wunata americawata one de wenwa,

    Ukrain Rate minissu moda nowuna nam ada rata thibba wagemayi,

    dan wela thiyena deta jokera aapu ekata waga kiyanna uwa genna lanu kala kade giyapu mari moda haththa,

    man hithanne ukrain walin wadiyama migrate wechcha set ekath ehema revolution ekata set wechhca ewun wenna one,

    jeppo wagema thama moda kama + kuhaka kama upathin aran enne,

    kela wenakota rata paninwa
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹල තවම දන්නෙ නෑ සෙලෙන්ස්කි කියන්නෙ කවුද කියල... මෙන්න ඇත්ත සිද්ධිය

    • Haha
    Reactions: super077

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මම හිතන්නේ යුක්‍රේනයේ ඛේදජනක සහ අඥාන ඉතිහාසය අප සැවොම අධ්‍යනය කළ යුතුයි.

    2014 වසරට පෙර යුක්‍රේනය ලෝකයේ සාමකාමී රටක්. ඒ වගේම ආර්ථික වශයෙන් දියුණු සහ දීප්තිමත් අනාගතයක් තිබූ රටක්. ලෝකයේ 'රෙයා අර්ත්' (Rare earth) නමින් හඳුන්වන මිල අධික, දුර්ලභ ඛණිජ සම්පත් තිබූ රටක් යුක්‍රේනය.

    යුක්‍රේනයේ මිලියන 45 ක ජනතාවක් ජීවත් වුණා. ඔවුන් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා.

    කෙසේ වෙතත් 2014 වසරේ පෙබරවාරි මාසයේ යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි රජයට එරෙහිව කැරැල්ලක්, විප්ලවයක් ආරම්භ වෙනවා.

    යුක්‍රේන ජනතාව විසින් සිදු කරන බව පෙන්වූ ඒ කැරැල්ලේ පසුපස සිටියේ ඇමෙරිකාව සහ යුරෝපය. ( ඒ බව ඇමෙරිකාව නිල වශයෙන්ම පිළිගත්තා, මෙහෙයුම භාරව සිටි නිළධාරිනිය වික්ටෝරියා නූලන්ඩ්. මයිදාන් අරගල වාර්තාව / C.I.A)

    පසුකාලීනව මයිදාන් අරගලය නමින් ඉතිහාසයේ ලියැවුණේත්, බටහිර මාධ්‍ය විසින් උත්කර්ෂයට නැංවූවේත් ඒ විප්ලවය.

    යුක්‍රේනයේ ආණ්ඩුව (රුසියානු හිතැති) පෙරළුණා. ඇමෙරිකාවට අවශ්‍ය පාලනයක් යුක්‍රේනයේ ඇති වුණා.

    2022 වසරේ යුක්‍රේනයට ඇමෙරිකාව විසින්ම පත් කළ පාලකයා විසින් රුසියාව සමග යුද්ධයක පැටළුණා.

    ඒ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සමග. සැබැවින්ම එය යුක්‍රේනය ලවා ඇමෙරිකාව රුසියාව සමග ඇතිකරගත් ගැටුමක්.

    නැගෙනහිර යුරෝපයට හෙවත් තමන්ගේ දේශ සීමාවටම ප්‍රතිවාදී නේටෝ කඳවුරු පැමිණීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එය අතිශය සාධාරණයි.

    එම නිසා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනවා.

    යුද්ධයේ පළමු සතියේදීම රුසියානු ජනපති පූටීන්, යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනවා.

    ඔහුට යුක්‍රේන භූමිය අවශ්‍ය වුණේ නැහැ. ඔහුට යුක්‍රේන ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා නොගන්නා බවට සහතිකයක් පමණයි.

    එය අතිශය සාධාරණයි.

    නමුත් ඒ මොහොතේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට කියනවා. මන්ද ඇමෙරිකාවට සහ බටහිරට මේ යුද්ධය අවශ්‍ය වුණා.

    ඔවුන් යුක්‍රේනයට කියනවා "ඔබ යුද්ධ කරන්න, අවශ්‍ය සෑම දෙයක්ම අප දෙන්නම්" කියලා.

    ඒ පොරොන්දු ඔවුන් ඉටු කරනවා.

    මන්ද මෙය යුක්‍රේනය ලවා ඔවුන් රුසියාවට එරෙහිව කළ රූකඩ යුද්ධයක් (Proxy war).

    යුක්‍රේනයට අවශ්‍ය මුදල්, නවීන යුද උපකරණ, කුලී හේවායන් සියල්ල ඔවුන් ලබා දෙනවා.

    නමුත් දිනෙන් දින යුක්‍රේනය යුද්ධය පරාජය වුණා. ඔවුන්ට සිය භූමිය අහිමි වුණා. බටහිර යුධ ආධාර වලින් සිදු වුණේ රුසියාවේ ජයග්‍රහණ ප්‍රමාද වීම මිසෙක, යුක්‍රේනය යුද්ධය ජය ගැනීම නොවෙයි.

    ඒ බව සියලූම දෙනා දැනසිටියත් සැමට මේ යුද්ධය අවශ්‍ය වුණා. යුක්‍රේන පාලකයාට මේ යුද්ධය ධන නිධානයක්. ඔහු යුද්ධයෙන් විශාල මුදල් සම්භාරයක් වංචා කළා.

    ඇමෙරිකාවේ ස්ථාවරය වූයේ හැකි පමණ රුසියාව දුර්වල කිරීමට යුද්ධය ඇද ගෙන යා යුතු බව.

    අවසානයේ 2024 වසරේ ඇමෙරිකාවේ ආණ්ඩු මාරු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිධූරයට පත්වෙනවා. ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    නව ඇමෙරිකානු පාලනය යුක්‍රේනයට මුදල් ආධාර ලබා දීම නවත්වනවා.

    යුක්‍රේනය සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඔවුන්ට ආයුද, උණ්ඩ මෙන්ම සෙබලුන්ගේ ආහාර සහ වැටුප් පවා හිඟ වෙනවා.

    එක්වරම යුද්ධය රුසියාවට ඉතා පහසු දෙයක් බවට පත්වෙනවා.

    දැන් ඇමෙරිකාව මුල් වී යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා ආරම්භ කරලා. කවදත් සිය ඉල්ලීම් ඉටු වෙනවා නම් සාමයට විරුද්ධ නැති පූටින් එයට එකඟත්වය පළ කරලා.

    එදා යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට උපදෙස් දුන් ඇමෙරිකාවම මුල් වී අද සාම සාකච්ඡා ආරම්භ කිරීම දෛවයේ සරදමක්.

    ඒ විතරක් නොවෙයි.

    මේ වසර තුනක තුළ ඇමෙරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් යුද ආධාර වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 350 ක්.

    නව පාලනය යටතේ ඇමෙරිකාව යළිත් ඒ මුදල් යුක්‍රේනයෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේනයට එම ණය ගෙවීමට මුදල් නැහැ.

    ඉතින් යුක්‍රේනය සතු වටිනා සහ විරල ඛනිජ සම්පත් වල අයිතිය ඇමෙරිකාවට ලියා දීමට යුක්‍රේනයට සිදු වෙනවා. එම ඛණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 500 ක්.

    ඩොලර් බිලියන 350 ක් වැය කළ ඇමෙරිකාව ඩොලර් බිලියන 500 ක් උපයනවා.

    එපමණක් නොවෙයි, රුසියාවේ සියලූම ඉල්ලීම් වලට එකඟ වෙන ලෙස යුක්‍රේනයට බල කරන්නේ ඇමෙරිකාවමයි.

    අද යුක්‍රේනය බිඳ වැටුණු, කඩා වැටුණු රටක්.

    අද යුක්‍රේනයේ ජනගහනය මිලියන 25 යි.

    අද යුක්‍රේන ආර්ථිකය බංකොලොත්. නිෂ්පාදනය බිංදුවයි. රැකියා සහ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බංකොලොත්.

    යුද්ධයෙන් යුක්‍රේන තරුණයන් ලක්ෂ 15 ක් මිය ගිහින්. එය එක් පරම්පරාවක්ම අහිමි වීමක්. එවැනි පරම්පරාවක් අහිමි වීම රටකට දරාගත නොහැකියි.

    ඒ විතරක් නොවෙයි. යුක්‍රේනය සතු වටිනාම සම්පත වූ වටිනා ඛණිජ සම්පත් අද ඔවුන්ට අයිති නැහැ.

    එපමණක් ද නොවෙයි. මේ දක්වා යුද්ධයෙන් යුක්‍රේන භූමියේ 20% ක් ඔවුන්ට අහිමි වුණා.

    සාම ගිවිසුමේ කොන්දේසි අනුව එම භූමිය ද ඔවුන්ට අහිමි වෙනවා. එම භූමිය රුසියාවට ලබා දීමට ඇමෙරිකාව එකඟ වුණා.

    2014 කැරැල්ල හෝ, 2022 සාම සාකච්ඡා මග හැරීම සිදු නොකළා නම් යුක්‍රේනයට මේ විනාශය සිදු නොවීමට තිබුණා. අදත් යුක්‍රේනය එදා පැවැති 'දිව්‍ය ලෝකයම' වන්නට තිබුණා. අද යුක්‍රේනය මල සොහොනක්. අපායක්.

    මේ යුද්ධය මෙලෙස අවසන් වීමට විශාල හේතුවක් වූයේ සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදැකීම.

    සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීම් ඇසුරින් පෙනෙන්නේ ඔවුන් පූටින්ගේ පෞරුෂයට බොහෝ ගරු කරනවා.

    නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බව පොරොන්දු වූ නිසා.

    සාමාන්‍ය ඇමෙරිකානුවා නායකයෙකු ලෙස දැක්කේ පූටින් මිසෙක සෙලෙන්ස්කි නොවෙයි. ශක්තිමත් පෞරුෂයක ඇති වාසිය ඒකයි.

    රටකට සිටිය හැකි නරකම නායකයා වෙනත් කිසිවෙක් නොවෙයි, රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'.

    වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.

    ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.

    නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.

    යුක්‍රේනයෙන් අපට උගත හැකි පාඩම එයයි.

    - Ireshan Siriwardhana -View attachment 247491
    වෙනසකට තියෙන්නේ ඌ පොඩ්ඩක් සුදුයි .... එච්චරයි !