අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..
ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.
ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.
https://lankacnews.com/අනවශ්‍ය-ගමන්-යන්න-එපා-ඉන්/
ප‍්‍රබල ඇමතිගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 81ක්.. STF 74ක්..
රජයේ එක්තරා ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සිය විශේෂ වරප‍්‍රසාද භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 74 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු ආරක්ෂාව සඳහා යොදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු පමණක් අනුයුක්ත කර ඇති නමුත් මෙම අමාත්‍යවරයා එම නීති උල්ලංඝනය කරමින් සිය ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු යොදාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන නමුත් කිසිදු කැබිනට් ඇමැතිවරයකුට ආරක්ෂාව ලබාදීම සඳහා අනුයුක්ත කර නොමැත.
එසේ තිබියදී මෙම කැබිනට් ඇමැතිවරයා සිය විශේෂ වරප‍්‍රසාද පාවිච්චි කරමින් මේ ආකාරයට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තම ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ගැටලූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදාගෙන සිටින නිලධාරීන් පසුගිය කාලයේ සිය රාජකාරියට පරිබාහිරව නීති විරෝධී කි‍්‍රයාවල නිරතවීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබිණි.
https://lankacnews.com/ප‍්‍රබල-ඇමතිගේ-ආරක්ෂාවට/
:0:03 ඔය මගේ හිතේ 69 න් එකෙක් දක්කන් යන්නෙ