ලංකාව "ලොක්ඩවුන්" කිරිමේ පුවත සාවද්‍යයි : හඬ පටයක් ගැනත් පරීක්ෂණ ඇරඹේ
ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවම සම්පුර්ණයෙන්ම වසා දමන ( Lockdown) බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය සඳහන් කරනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, යුධ හමුදාව සහ පොලිසිය විසින් නිකුත් කරන නිල නිවේදන හැර අනෙක් කිසිදු නිවේදනයක් ගැන අවධානය යොමු නොකරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.
එමෙන්ම ජාතින් අතර මතභේදයක් ඇති වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති හඬ පටයක් සම්බන්ධයෙන් ද පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කර සිටියා.
කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජාතීන් අතර වෛරය පැතිරෙන ආකාරයේ අදහස් හුවමාරු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.
Neth news
