❤ සාංසාරික දෙව්දුව ❤
❤ සාංසාරික දෙව්දුව ❤
වරෙක හිනැහෙන සැණෙන් ඔරවන
සෙනෙහෙ බර දිගු නෙත් යුගත්
හාදු වපුරන සියුම් සුසිනිදු
කොපුල් තල රූ සිත්තමක්
සිහින වියලුන කටුක දිවි මග
සුරපුරක් කල හදවතත්
පුදුමයකි නුඹ මටම හිමිවුණ
සාංසාරික දෙව්දුවක්
දෙහදක එක හද ගැස්මක් සංවේදී වූදා
මට වෙන්වුණු දඟ මල්ලක් මගේ හුස්ම වූවා
ඔබ මට හිමි වුදා
ආත්මයම වූවා
කියනු හැකිවෙද තුරුණු ගී පද
සත්සරය මත ඇතිරිලා
බරින් වැඩි ප්‍රේමයේ අනුහස
පත්ඉරුව මත විසිරිලා
ලියනු කෙලෙසද නුඹේ සෙනෙහස
පන්හිඳක් ගෙන වෙර දරා
සියුම් වැඩි නුඹ සදා රැකගමි
ළයේ තුරුලට ගෙන හොවා
මගේ පණ නල රැඳි තුරා
මල්වරයි තුරුළතා වදුලම
අනෝරා වැසි ලද මහත්
පෙම්බරයි සඳ කිරණ රැස් වැද
අමාවක දුරු වුණු රැයත්
සුන්දරයි ජීවිතේ අභියස
ආදරය විඳිනා හිතත්
අවසරයි පිය නගා යන්නට
දෑත් බැඳ සසරේ ඉමත්... ❤❤❤
© 2016 Damith Mulleriyawa / DnT4Ever
❤ සාංසාරික දෙව්දුව ❤
වරෙක හිනැහෙන සැණෙන් ඔරවන
සෙනෙහෙ බර දිගු නෙත් යුගත්
හාදු වපුරන සියුම් සුසිනිදු
කොපුල් තල රූ සිත්තමක්
සිහින වියලුන කටුක දිවි මග
සුරපුරක් කල හදවතත්
පුදුමයකි නුඹ මටම හිමිවුණ
සාංසාරික දෙව්දුවක්
දෙහදක එක හද ගැස්මක් සංවේදී වූදා
මට වෙන්වුණු දඟ මල්ලක් මගේ හුස්ම වූවා
ඔබ මට හිමි වුදා
ආත්මයම වූවා
කියනු හැකිවෙද තුරුණු ගී පද
සත්සරය මත ඇතිරිලා
බරින් වැඩි ප්‍රේමයේ අනුහස
පත්ඉරුව මත විසිරිලා
ලියනු කෙලෙසද නුඹේ සෙනෙහස
පන්හිඳක් ගෙන වෙර දරා
සියුම් වැඩි නුඹ සදා රැකගමි
ළයේ තුරුලට ගෙන හොවා
මගේ පණ නල රැඳි තුරා
මල්වරයි තුරුළතා වදුලම
අනෝරා වැසි ලද මහත්
පෙම්බරයි සඳ කිරණ රැස් වැද
අමාවක දුරු වුණු රැයත්
සුන්දරයි ජීවිතේ අභියස
ආදරය විඳිනා හිතත්
අවසරයි පිය නගා යන්නට
දෑත් බැඳ සසරේ ඉමත්... ❤❤❤
© 2016 Damith Mulleriyawa / DnT4Ever
Last edited:




