🇺🇸 Tesla කාර් බදු නැතිව ලංකාවට.. WagonRට වඩා චුට්ටක් වැඩිවෙයි.. 🚗

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළෙඳ සාකච්ඡාවලදී, ඇමරිකානු නිෂ්පාදිත වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බව වාර්තා වේ. මෙම යෝජනාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, දෙරට අතර පවතින වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් පවතින බැවින්, එය සමනය කිරීම සඳහා ඇමරිකානු පාර්ශ්වය දැක්වූ උනන්දුවයි.

    මෙම සාකච්ඡා අතරතුරදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 20ක තීරුබද්ද අඩු කර ගැනීමට සමත් වී ඇත.

    යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, Tesla ඇතුළු ඇමරිකාවේ නිෂ්පාදනය වන උසස් තත්ත්වයේ විද්‍යුත් (electric) වාහන ශ්‍රී ලංකා වෙළෙඳපොළට තීරුබදු රහිතව ඇතුළු වීමට අවස්ථාව ලැබෙනු ඇත.

    Tesla යනු විද්‍යුත් වාහන තාක්ෂණයේ පුරෝගාමියෙකු වන අතර, ඔවුන්ගේ Model 3, Model Y, සහ Model S වැනි මාදිලි දැනටමත් ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇත. මීට අමතරව, Ford, Chevrolet සහ Jeep වැනි ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයන්ගේ වාහන ද මෙරට වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළු වීමට ඉඩකඩ ලැබෙනු ඇත.

    මෙම වාහන සඳහා පවතින අධික තීරුබදු හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඒවායේ මිල අතිශයින් ඉහළ මට්ටමක පවතී. මෙම තත්ත්වය වෙනස් වුවහොත්, උසස් තාක්ෂණයෙන් සහ ආරක්ෂිත පහසුකම්වලින් යුත් ඇමරිකානු වාහන සාධාරණ මිලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    කෙසේ නමුත්, ඇමරිකානු පාර්ශ්වයේ මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජය එකවර අනුමැතිය ලබා දී නොමැත. දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලදී, ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව පිළිබඳව පියවරෙන් පියවර සලකා බලන බවයි.

    මෙම සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, ඇමරිකා තීරුබද්ද තවත් අඩු කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව උත්සාහ කරන බවත් රජය පවසයි.

    මෙහි දක්වා ඇති මිල ගණන් ඇමරිකාවේ නිල මිල ගණන් වන අතර, ශ්‍රී ලංකාවේ මිල ගණන් තීරුබදු නොමැතිව ගණනය කළ ආසන්න අගයන්ය. රථයේ මාදිලිය, අමතර විශේෂාංග සහ විනිමය අනුපාත මත මෙම මිල වෙනස් විය හැකිය.

    මාදිලියඇමරිකාවේ ආරම්භක මිල (USD)තීරුබදු නොමැතිව ශ්‍රී ලංකාවේ ආසන්න මිල (LKR)
    Tesla Model 3~$44,130~රුපියල් 13,239,000
    Tesla Model Y~$46,630~රුපියල් 13,989,000
    Tesla Model S~$86,630~රුපියල් 25,989,000
    Tesla Model X~$91,630~රුපියල් 27,489,000
    Tesla Cybertruck~$79,990~රුපියල් 23,997,000
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කවුද බන් මේ ගනං හදලා දාල තියෙන්නෙ
    කෙලින්ම USD ගාන 300න් වැඩි කරලා LKR ගාන හදලා
    තව සෑහෙන්න බදු ජාති තියනවානේ බං ලංකාවෙ වාහන වලට ගහන, ඒව අඩු වෙන්නෙ නැහැනේ, VAT එක අනිවා ඇඩ් වෙන්න ඕන, තව මෙහෙට ඕව ගේන්න එහෙමත් එපැයි. මෙතන ගාන හදල නං තියෙන්නෙ හෑන්ඩ් කැරි කරොත් කියලා හිතලා
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    කවුද බන් මේ ගනං හදලා දාල තියෙන්නෙ
    කෙලින්ම USD ගාන 300න් වැඩි කරලා LKR ගාන හදලා
    තව සෑහෙන්න බදු ජාති තියනවානේ බං ලංකාවෙ වාහන වලට ගහන, ඒව අඩු වෙන්නෙ නැහැනේ, VAT එක අනිවා ඇඩ් වෙන්න ඕන, තව මෙහෙට ඕව ගේන්න එහෙමත් එපැයි ගාන හදල නං තියෙන්නෙ හෑන්ඩ් කැරි කරොත් කියලා හිතලා

    Lankacnews (විමලේ)

    Magic Fingers Family GIF
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    ඇමරිකාවෙත් ජපන් වාහන ගහනවා :), නිකං කිව්වෙ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    යෝජනාව ක්‍රියාත්මක වුවහොත් :lol:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,775
    1,927
    113
    Galle
    අඩෝ ඒ කියන්නේ Dodge GMC එහෙමත් ඒවි නේ.. මරු
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක පට්ට ආතල්
    ෆැක්ටරියෙන් එලියට එන ගාණ දාලා මෝඩ හිංගලුන් අන්දලා
    CIF එකේ ඉතුරු කෑලි ටික පොලිසියෙන්ද ගෙවන්නේ
    වැට් අනම් මනම්, ගේන එකාගේ ලාභේ බැලුවම මේවා සදා ලක්සරි තමා මෝඩ හිංගලුන්ට
     
    • Like
    Reactions: zid2021