ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක් 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,464
    8,618
    113



    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසාධන කටයුතු සඳහා පිලිපීන රජය ඇමරිකානු ඩොලර් 100,000ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

    මෙම ආධාරය ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනි නීනා පී. කයින්ග්ලට් මහත්මිය නිල වශයෙන් භාර දී ඇත.

    මෙම අවස්ථාවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිලිපීන රජය හා ජනතාව වෙත තම කෘතඥතාවය පළ කරමින්, මෙම අභියෝගාත්මක සමයේදී ලබාදුන් කාලෝචිත සහාය මෙරටට විශාල උපකාරයක් බව සඳහන් කළේය. එමෙන්ම, මෙම ආධාරය දෙරට අතර ඇති සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම මුදල් ආධාරය පීඩාවට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීමට සහ ජනතාවට සහාය ලබාදීමට යොදාගැනීමට අපේක්ෂා කෙරේ.
     

    Similar threads