🇺🇸 USA චන්ද ප්‍රතිපල අවබෝධයෙන් බැලීමට කැමති මිට්ටොන්ට අවශ්‍ය විස්තර.

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    රතු පාට - Republican පක්ශය - Trump (2024, 2020, 2016)
    නිල් පාට - Democratic පක්ශය - Kamala (2024), Biden (2020), Hilary (2016).

    USA වල ජනාදිපති කෙනෙක් දිනන්නෙ "මුලු රටෙන්ම වැඩියෙන් චන්දෙ ගත්තෙ කවුද ('Popular votes' )" කියන දෙයින් නෙවෙයි! ප්‍රාන්ත වලින් එන වෙනම චන්ද වර්ගෙකින් ( 'Electoral votes' ).

    ඒ කියපු Electoral votes තියෙනව 538ක් . එයින් 270ක් ගන්න කෙනා දිනුම්.

    රට බෙදල තියෙන්නෙ ප්‍රාන්ත (states) 50කට.
    (ප්‍රාන්ත 2ක් 3ක් ඇරුනම ඔක්කොම ප්‍රාන්ත ලංකාවට වඩා ලොකුයි. ලංකාව වගේ කීපගුණයක් ලොකුයි).

    අර කියපු Electoral votes 538 , ඔය කියපු ප්‍රාන්ත 50ට බෙදල තියෙන්නෙ.
    උදා: California ප්‍රාන්තෙ Electoral votes 54ක් තියෙනවා, ඒ ප්‍රාන්තෙ වැඩිම චන්ද ගන්න කෙනාට ඒ 54ම ලැබෙනවා. Alaska ප්‍රාන්තෙ Electoral votes 3ක් තියෙනවා, දින්නොත් ඒ 3ම එනවා.etc.
    so එක එක ප්‍රාන්ත දිනල චන්ද 270 හදාගන්න ඕනෙ ජනාධිපතිකම දිනන්න නම්. (ප්‍රාන්ත 2ක් විතරයි දිනන කෙනාට ඔක්කොම Electoral votes දෙන්නෙ නැත්තෙ, අනිත් ඔක්කොම දෙනව)

    ප්‍රාත්න 50න් ගොඩක් ඒව lock වෙලා තියෙන්නෙ එක්කො රතු නැත්තම් නිල්. ඒ කිව්වෙ නිල් නම් හැමදාම දිනන්නෙ නිල් උං (ඇයි කියල දැනගන්න ඕනෙ නම් spoiler කොටස බලන්න).

    ලඟ ලඟ තිබිච්ච චන්ද වලදි දෙපැත්තට වැනෙන ප්‍රාන්ත වලට කියනව Swing states කියල. මේ සැරේ swing states 7ක් වගේ තියෙනව.

    so, මේ ප්‍රාන්ත 7 හරවගන්න තමයි අපේක්ෂකයො දෙන්න ගොඩක්ම try කරන්නෙ.

    ප්‍රාන්ත 50 run කරන්නෙ ඒ ඒ ප්‍රාන්තෙ ඉන්න ආණ්ඩුකාරය. සමහරු නිල් පැත්තෙ සමහරු රතු පැත්තෙ.

    චන්ද ප්‍රතිපල නිකුත් වෙද්දි interface එක read කරන්නෙ මෙහෙමයි.

    ONva6xf.png


    njcXUkH.png


    ඔයටික දැනගෙන හිටියම ඇති . මේ spoiler එකේ තියෙන්නෙ මගේ මතෙත් mix වෙච්ච තවත් කරුණු ටිකක්.
    ———
    මෑත කාලය බැලුවොත්, වැනෙන ප්‍රාන්ත 7න් ගොඩක් ඒවයි ඉන්නෙ නිල් පාට ආණ්ඩුකාරයො.
    so, ඔය voter machine මගුල් ගෙනල්ල පිස්සුනටන්න ඉඩ දෙන්නෙ / voter ID ඕනෙ නැහැ කියන්නෙ ඒ ප්‍රාන්ත වල ඉන්න නිල් ආණ්ඩුකාරයො ඒ වට ඉඩදෙන නිසයි.
    ඉතිං ඒ ප්‍රාන්තවල චන්ද හොරකරන්න පුලුවන් කියන්නෙ ඒ නිසයි.
    අන්න ඒකයි trump ට දිනන්න ඔච්චර අමාරු. මොකද මිනිහ වටා මිනිස්සු කොච්චර හිටියත්, අර නිල් ප්‍රාත්න හරවන්න හරි අමාරුයි. voter ID එකක් ඕනෙ නැහැ කිව්වම... චන්ද අක්‍රමිකතාත් නොවී තියේද?

    උදා: California ගමු. හැමදාම නිල්. ඒත් මේ තිබුනු නිල් ආණ්ඩුව යටතේ ඒ ප්‍රාන්තෙ පාරෙ යන්න බැරි මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ. රටට එන්න දීපු illegall උං පාරවල් වල කූඩාරම් ගහගෙන. පාරෙ රෙ*ව. දුෂන වැවිවෙලා. ඒත් නිල්? මිනිස්සුන්ට රතු පැත්තට චන්දෙ දෙන්න මොලයක් නැතුවද නැත්තම් චන්දෙ හොරකරනවද? (i think දෙකම...). and, මේ සැරේ ඒ ප්‍රාන්තෙ අලුත් නීතිය තමයි voter ID එක ගැන අහන්නත් තහනම්! 🙃
    මේ නිල් ප්‍රාන්තවල Electoral votes ලොකු ලොකු ගනන් වල ඒව. පැරදුනාම පට්ට පාඩුයි.

    දිගටම රතු තියෙන ප්‍රාන්ත වල ගොඩක් වෙලාවට චන්ද දාන්නෙ අපි දානව වගේ චන්ද කොලේ mark කරල පෙට්ටියට දාල තමයි. එතකොට හොරකරන්න අමාරුයි. trump කැමතිත් එහෙමයි.
    සහ අපේ වගේ එක දවසෙන් චන්දෙ දාල ඉවර කරන්න තමයි උං කැමතිත්. නමුත් දැනට තියෙන නීතිය අනුව දවස් ගානක් තිස්සෙ චන්දෙ දාන්න පුලුවන්.

    ————
    note: Trump දේශපාලනයට එන්න කලින් USA වල මෙච්චර කාලයක් නිලුත් එකයි රතුත් එකයි, දෙපැත්තෙම ජනාදිපතිල කොහෙහරි යුද්ධයක් අටවගෙන ලාබ ලබනවා. ඒ නිසා මම පාටට නෙවෙයි මෙතනදි හොඳ කිව්වෙ, trump යටතේ තියෙන පාටට. මොකද අපි දැක්ක මේ පාර රතු පැත්තෙන් trump වෙනුවට එන්න ඳගලපු Niki වගෙ අයත් යුද්ධ පැත්තටමයි කතා කලේ..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    කමලා අපිට අපි කමලාට

    කමලා අක්කට ජය වේවා