2023 ජුනි 23 වෙනිදා, "Royal Caribbean International" සමාගමට අයිති "Independence of the Seas" කියන "cruise ship" එකේ ගමන් කරපු මගීන්ට මුහුණ දෙන්න වුණු සිද්ධියක් මේක. ඇමරිකාවෙ ෆ්ලොරීඩා ප්රාන්තෙට අයත් වුණු "Brevard County" ප්රදේශයෙ පිහිටලා තියෙන "Port Canaveral" කියන වරායෙන් නැව පිටත්වෙලා පොඩි වෙලාවකට පස්සෙ තමයි මේ කුණාටු තත්ත්වෙ එකපාරට ඇතිවෙලා තියෙන්නෙ. කාටවත් ලොකු තුවාලයක් නම් වෙලා නෑ මේ සිද්ධිය නිසා.
