🌌🔭🌌 විශ්වයේ ඇති මන්දාකිණි වර්ග සහ විශ්වයේ ඈතින්ම පිහිටා ඇති මන්දාකිණිය 🌌🔭🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    wt-theme-slideshow-0925-stephans-quintet.jpg

    මන්දාකිණියක් යනු වායූන් හා දූවිලි වලින් සැදුම්ලත්ව නිර්මාණය වූ බිලියන සංඛ්‍යාත තාරකා හා ඒවාට අයත් සෞරග්‍රහ මණ්ඩලයන්ගෙන් ද සැදුම් ලත් විශාල එකතුවකි. අපගේ පෘථිවිය පිහිටා ඇති සෞරග්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණිය, ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way galaxy) වන අතර බොහෝ මන්දාකිණිවල මෙන් එය මධ්‍යයයේ ද දැවැන්ත කළු කුහරයක් (Supermassive black hole) පිහිටා තිබේ. තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ ගවේෂණයන්ට අනුව විශ්වය පුරාම මන්දාකිණි බිලියන 100 ක් පමණ ඇති බවට ගණන් බලා තිබෙන අතර මෙම මන්දාකිණි බොහෝ විට තනි හෝ මන්දාකිණි යුගලවල් වශයෙන් ද පිහිටා ඇති ආකාරය නිරීක්ශනය කළ හැකිය. මේ ආකාරයෙන් මන්දාකිණි සමූහයක් එක්වීමෙන් විශාල මන්දාකිණි පොකුරු හටගන්නා අතර මෙම මන්දාකිණි පොකුරු groups, clusters, සහ superclusters ලෙස වර්ගීකරණය කර ඇත. අපගේ ක්ෂීරපථය මන්දාකිණිය ( Milky Way Galaxy) හා මන්දාකිණි 30 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන "Local Group of Galaxies" නමින් හදුන්වන ආලෝක වර්ෂ මිලියන 5 ක අරයකින් යුතු කලාපය තුළත්, "Local Group of Galaxies" නම් එම මන්දාකිණි පොකුර "Virgo Cluster of Galaxies" නමින් හදුන්වන වඩා විශාල එනම් අරය ආලෝක වර්ෂ මිලියන් 7.5 ක් වන කලාපය තුළත් පිහිටා තිබේ. එමෙන්ම මෙම "Local Group of Galaxies" හා "Virgo Cluster of Galaxies/Virgo Cluster" අයත් වූ තවත් මන්දාකිණි පොකුරු රාශියක් පිහිටා ඇති, අරය ආලෝක වර්ෂ මිලියන 55 ක වන සුපිරි මන්දාකිණි පොකුරු "Virgo Supercluster" යනුවෙන් හදුන්වනු ලබන අතර මෙම "Superclusters" අරය ආලෝක වර්ෂ මිලියන 250 ක් වන "Laniakea Supercluster" නමින් හදුන්වන අති දැවැන්ත වූ සුපිරි මන්දාකිණි පොකුරට ද අයත් වේ.

    1020_F_supercluster-CCfinal.jpg

    1200px-07-Laniakea_%28LofE07240%29.png

    මේ අතර ඇතැම් අවස්ථවලදී මන්දාකිණි ද්විත්වයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකට ගැටී තනි මන්දාකිණියක් නිර්මාණය වීම සිදුවන අතර මෙවැනි සංසිද්ධියක් "galactic merger" එකක් ලෙස හදුනවනු ලබයි. තවත් වසර බිලියන 4.5 කින් අපගේ ක්ෂීරපථය මන්දාකිණියත්, ඊට ආසන්නයෙන් ම එනම් ආලෝක වර්ෂ මිලියන 2.537 ඈතින් පිහිටා ඇති ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය ( Andromeda Galaxy) අතර සිදුවන ගැටීම හේතුවෙන් සිදුවීමට නියමිත "galactic merger" (මෙම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 110 ක වේගයෙන් ක්ෂීරපථය දෙසට ළගාවෙමින් පවතී) අවස්ථාව මේ සදහා නිදසුනක් ලෙස දැක්විය හැක.

    IllPersonalAcouchi-size_restricted.gif

    විශ්වයේ ඇති මන්දාකිණි වර්ග:

    1. සර්පිලාකාර මන්දාකිණි (Spiral Galaxy)
    2. ඉලිප්සාකාර මන්දාකිණි (Wlliptical Galaxy)
    3. වෙන්කරන ලද සර්පිලාකාර මන්දාකිණි (Barred Spiral Galaxies)
    අනු කාණ්ඩ:
    Barred spiral galaxy type A – abbreviation SBa
    Barred spiral galaxy type B – abbreviation SBb
    Barred spiral galaxy type C – abbreviation Sbc

    4. අක්‍රමවත් මන්දාකිණි (Irregular Galaxy)

    Capture.jpg

    මේ අතර පසුගියදා විශ්වයේ වයසින් වැඩිම හා දුරින් ම පිහිටා ඇති මන්දාකිණිය සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් විය. "HD1'යනුවෙන් මෙම මන්දාකිණිය නම් කර ඇති අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 13. 5 ක් දුරින් පිහිටා ඇත. මේ වීඩියෝව ඒ පිළිබදවයි.

    Three-color_image_of_galaxy_HD1.jpg

    Scientists have spotted farthest galaxy on record

    බලපු අය අඩුම තරමේ බම්ප් එකක්වත් දාගෙන යන්න. :)
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558

    keep it up..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,628
    6,179
    113
    සුදූ ඔයා ගේ දැනුවත් කිරීම වටිනවා.. ස්තූතුයි..හැබැයි මේක කියවන්න තරම් වත් මානසික මට්ටමක් නෑ...අරගලයට ජය!!!
     
    Similar threads