🌌🔭🛰️ හබල් දුරේක්ෂය මගින් දුටු "Orion" නිහාරිකාවෙහි පිහිටි මනරම් විශ්වීය වලාකුළ (Herbig-Haro object HH 505) 🛰️🔭🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    272400692_298317515661479_8563924496582507858_n.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1500 ක් ඈතින්, 'Orion' තාරකා රාශියේ පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ 12 ක් පමණ වන විසරණ නිහාරිකා (diffuse nebula) ගණයට අයත් වන "Orion Nebula" (Messier 42, M42, හා NGC 1976 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) නම් නිහාරිකාවේ වූ මනරම් විශ්වීය වළාකුලක් (celestial cloudscape) හබල් දුරේක්ෂය මගින් හසුකර ගත් අවස්ථාවක් පහත ඡායාරූපය මගින් නිරූපණය වේ. නව තාරකාවන් බිහිවීමේදී නිකුත්වන කම්පන තරංගයන් මගින් හටගන්නා අන්තර්තාරකා සුළං (stellar winds) හේතුවෙන් ඒ අවට වූ වායූන්ගේ සිදුවන කැළබීම් මුල්කොටගෙන එම නව තාරකාවන් වටා නිර්මාණය වන දීප්තිමත් ප්‍රදේශයන් "Herbig-Haro objects" යනුවෙන් හදුන්වන අතර "Orion" නිහාරිකාව තුළ පිහිටි (පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1000 ක් ඈතින්) "IX Ori" නම් තාරකාවෙහි සිදුවූ මෙවැනි සංසිද්ධියක් හේතුවෙන් හටගත් "Herbig-Haro objects" ගණයට අයත් වන "Herbig-Haro object HH 505" නමින් නම් කර ඇති "celestial cloudscape" ආකාරයක ස්වභාවය ගත් දීප්තිමත් කලාපය මෙයින් පෙන්නුම් කර තිබේ.

    හබල් දුරේක්ෂයේ වූ "ACS" නම් කැමරාව (Hubble’s Advanced Camera for Surveys) මගින් ලබාගත් මෙම අපූරු ඡායාරූපය මගින් "IX Ori" තාරකාව වෙතින් නිකුත් වූ අන්තර් තාරකා ද්‍රව්‍ය ප්‍රවාහයන් මෙන්ම ඒවා නිකුත් වීම හේතුවෙන් හටගත් කම්පන තරංගයන් ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. "Orion" නිහාරිකාව තුළ පිහිටා තිබෙන දීප්තිමත් තාරකාවන් මගින් නිකුත් වන බලවත් පාරජම්බුල විකිරණයන් (intense ultraviolet radiation) "Orion" නිහාරිකාව තුළ විශාල ලෙස වයාප්ථ වී තිබෙන අතර හබල් දුරේක්ෂයේ වූ කැමරා උපාංගයන් පාරජම්බුල කිරණයන් හසුකර ගැනීමට දක්වන දැඩි සංවේදිතාව හේතුවෙන් මෙවැනි ආකාරයේ ඡායාරූපයන් හසුකර ගැනීමේ හැකියාව ලැබී තිබේ.


    Image credit: ESA/Hubble & NASA, J. Bally; Acknowledgment: M. H. Özsaraç

    hubble_hh505_potw2232a.jpg





    Messier 42 (The Orion Nebula)




     
    Last edited:

    Similar threads