🌎👉*-රනිල්ගෙන් ගෝඨාට ලියුමක්-.? - 💓🌹💓- 🤔

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    ගෝඨා බ්‍රෝ....

    🎈දැන් මෙහෙ ඇත්ත අරගල කාරයෝ නෑ.සමහරු හීලැ වෙලා , සමහරු රටින් ගියා.දේශපාලන පක්ෂ ස0විධානය කරන බොරු විරෝධතා විතරයි තියෙන්නේ

    🎈අනුර කොලුවත් ෆයිල් මිටිය අරන් තිබ්බා',දැන් මිනිහට තිබ්බ තැනවත් මතක නැහැ -----

    🎈පෙරෝට්ටෝ /අන්තරේ ළමයි ඉදල හිටලා කොලබ එනව , උනුත් ආපු පැත්තෙන් නෙමයි ගෙදර යන්නේ -----

    🎈දේවානිගෙ පනුකරද ගහත් නැති වෙලා ගිහිල්ල----

    🎈නිරාල සෙට් එක ආගමයි සිවුරයි අල්ලගෙන ඉන්නේ.උන්ට වෙන ප්‍රශ්න නැහැ ---------

    🎈නීතිඥ සංගමයත් නිකන් නඩු අහන්නෙත් නෑ,මේ දවස් වල එයාලගේ ''ප්‍රධාන ආරාධිතයා'' මමයි -----

    🎈''බදුර්දීන්'' තාම විලපත්තුවෙ ගස් හිටෙව්වෙ නැහැ . ''පරිසර සංවිදාන'' ටිකටත් නිවාඩු දුන්න------

    🎈ගෑස් පුපුරන්නත් නෑ- සෙඩ් වලත් තෙල් තියෙනවා, සෙඩ් ටිකක් විකුණුවා---

    🎈ඉඩම් එක්ක ආයතන 48ක් විතර විකුණනවා. මුන්ට දේශීය සම්පත් රැකගමු කියා කියා හොරා කන්න දෙයක් නෑ---

    🎈ඔයා කපපු tax එක මං වැඩි කලා ,මුන්ට ගාණක් නැහැ------

    🎈නොරොච්චෝලේත් කැඩෙන්නෙ නෑ, හොදට ලයිට් තියෙනවා ලයිට්බිල ,ටිකක් වැඩියි -ඒච්චරයි-----

    🎈කාබනික පොහොර වෙනුවට යූරියාම ගේනවා, මෙහි වකුගඩු රෝගීන් දැන් ඇත්තෙම නැහැ.------

    🎈ඔයාට ඇරපු 'සවේන්ද්රයි' , 'පොලිස්පතියි' , 'ආරක්ෂක ලේකම්' මං ගාව තාම වැඩ,,උන් හොදයි -----

    🎈මාධ්‍යයටත් පනතක් ගෙනාවා ,උන් ඒවට ආසයි කට, වහගෙන ඉන්නවා-----

    🎈කදිනල් තුමාටත් පාස්කුව අමතක වෙලා ගියා ,එයාට පොලිස්පති පත් කරන සීන් එකත්‍ දැන් අමතක වෙලා - ඉන්දියාවේදි පුපුරුවගන්න ගිහින් අල්ලපු ල0කාවේ අයි ඒස් කාරයෝ හතර දෙනාගේ මහාමොලේ හොයනවලු --??----

    🎈මහා නායක හිමිලත් උබට වගේ මට ලියුම් එවන්නේ නෑ----

    🎈''දුක් විඳපු අන්තිම පැය'' හින්ද සමුර්දියත් කපලම දැම්මා---

    🎈වෘත්තීය සමිති කාරයෝ ටිකත් මං ලඟ වැඩ.ඒක හින්ද මෙහෙ ස්ට්‍රයික් නැහැ-

    🎈මට හිතුනොත් ආයෙ මෙහෙ ඡන්ද තියන්නෙම නෑ

    🎈මේ දවස් වල මම යක්කු පුත්තුන්ට කුක්කු පොවනවා කොක්කු පෙන්නලා මචං.-------

    🎈උබ tax නොගහ-අලුතින් ණය නොගෙන- පරන ණය ගෙවල -රට හදන්න ගියා, පාලනය කරන්න තේරූනේ නැහැ . මම tax ගහල, අලුතින් ණය අරගෙන පරන ණය පොඩ්ඩක් විතර ගෙවල රට පාලනය කරනව .. සරලයි

    ඉතිං මිනිස්සු සතුටින් 😊

    ආයෙ Update එකක් එවන්නම්...

    ගෞරවයෙන් බුදු සරණයි..
    රනිල් වික්‍රමසිංහ
    ============================