🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 04 - 'Hercules' තාරකා රාශියේ පිහිටා තිබෙන දැවැන්ත ගෝලාකාර තාරකා පොකුර "Messier 13" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    nvexcIu.jpg


    "මෙය අනෙකක් නොව, සඳ නොමැති පැහැදිලි, සන්සුන් රාත්‍රී ආකාසයක පියවි ඇසින් දැකගත හැකි කුඩා පැල්ලමකි.", ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයකු වූ "එඩ්මන්ඩ් හේලි" (Edmond Halley) විසින් මෙලෙස හදුන්වන්නට යෙදුණේ, ඔහු විසින් 1716 වර්ෂයේදී ප්‍රථම වරට සොයාගත් "Messier 13" නැතහොත් 'M13' හා "NGC 6205" නාමයන්ගෙන් ද හදුන්වන දැවැන්ත ගෝලාකාර තාරකා පොකුර (Great Globular Cluster) පිළිබදවය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22 180 ක් ඈතින්, "Hercules" තාරකා රාශියේ පිහිටා තිබෙන මෙම "Messier 13" ගෝලාකාර තාරකා පොකුර "Hercules Globular Cluster" ලෙසද හදුන්වන අතර උතුරු දිග ආකාසයේ දිස්වන තාරකා පොකුරු අතර ඇති දීප්තිමත්ම තාරකා පොකුරක් ලෙසද මෙය හදුන්වනු ලබයි. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන "Messier 13" තාරකා පොකුර දැක්වෙන මෙම අපූරු දුරේක්ෂීය ඡායාරූපය මගින් විෂ්කම්භය ආලෝක වර්ෂ 150 ක් වන මෙම තාරකා පොකුර තුළ පිහිටා තිබෙන සිය දහස් ගණනක් වූ තාරකාවන් ද නිරූපණය වන ආකාරය දැකගත හැකිය.

    මෙම තාරකා පොකුරේ හරයේ වූ ආලෝක වර්ෂ 3 ක් පුරා විහිදී යන කලාපයන් තුළ තාරකාවන් 100 ක් දක්වා වූ සංඛ්‍යාවන්ගෙන් සමන්විතව තිබිය හැකි බවට තාරකා විද්‍යාඥයන් විශ්වාසය පළ කරන අතර මෙම කලාපයන්ගේ විශාලත්වය අපගේ සූර්යායට ආසන්නයෙන්ම පිහිටා ඇති තාරකාව වන "Proxima Centauri" තාරකාවට ඇති දුර වන ආලෝක වර්ෂ 4 සමග සැසදූ විට ඊට වඩා එක් ආලෝක වර්ෂයක් අඩුවෙන් යුක්ත වූ කලාපයක් පුරා විහිදී පවතින බව වටහා ගත හැක . මෙම ඡායාරූපය මගින් "Messier 13" තාරකා පොකුරෙහි බාහිර කලාපයේ සිට එහි තාරකාවන්ගෙන් ගහණව ඇති තාරකා පොකුරේ හරයත් අතර පවතින කැපීපෙනෙන දීප්ති පරාසය මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැකි අතර පසුබිමින් වූ දුරස්ථ මන්දාකිණි අතුරින් වම්පස ඉහළ කෙළවරට වන්නට දිස්වන මන්දාකිණියක් වන "NGC 6207" නම් සර්පිල මන්දාකිණිය ද මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැක.


    Image Credit & Copyright: Joan Josep Isach Cogollos

    M13_final2_sinfirma.jpg





    Messier 13: Hercules Globular Cluster

     

    Similar threads