වසර මිලියන 2 ක් පමණ වන වයසකින් යුක්ත වන යොවුන් විවෘත්ත තාරකා පොකුරකින් (young open cluster of stars) සැදුම්ලත්, දැවැන්ත දූවිලි වළාවන්ගෙන් හා දිදුළන වායූන්ගෙන් ගහණව පවතින කලාපයක් ලෙස Messier 16, M16 හා NGC 6611 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන 'Eagle' නිහාරිකාව (The Eagle Nebula) හැදින්විය හැක. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන, තාරකා බිහිවීම් සිදුවන ප්‍රදේශයන් සංකීර්ණයකින් ද සමන්විත 'Eagle' නිහාරිකාව නිරූපණය වන මෙම ඡායාරූපය, හබල් දුරේක්ෂය මගින් ලබාගත් 'Eagle' නිහාරිකාවේ සමීප ඡායාරූපයන් ගොන්නට අයත් වූවකි.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් ඈතින්, "Serpens Cauda" (the tail of the snake) නම් තාරකා රාශියෙහි පිහිටා තිබෙන මෙම නිහාරිකාවේ වූ දූවිලි හා වායූන්ගෙන් සැදුම් ලත් "Pillars of Creation" නැතහොත් "elephant trunks" නමින් හදුන්වන කුළුණු ආකාරයේ ව්‍යුහයන් ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් වම්පසට වන්නට දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර නව තාරකාවන් බිහිකිරීමේ ක්රියාවලියන්හීදී මෙම ව්‍යුහයන් ගුරුත්වාකර්ෂණ සංකෝචනයකට ලක් වීම සිදුවේ. එමෙන්ම තාරකා පොකුරෙහි වූ තාරකාවන්ගෙන් නිකුත් වන බලවත් විකිරණයන් හේතුවෙන් මෙම දූවිලි කුළුණුවල ශීර්ෂයට වන්නට ඇති ප්‍රදේශයන් ක්ෂය වීමකට ලක්වීම සිදුවන අතර එමගින් එම දූවිලි ව්‍යුහයන්ගෙන් ආවරණය වී තිබූ නව තාරකාවන් නිරාවරණය වීමක් ද සිදුවේ. කඳුවැටියක ආකාරයේ ස්වභාවයක් ගන්නා ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් වම්පසට වන්නට දිස්වන ප්‍රදේශයේ සිට අනෙක් පසට විහිදී ගොස් ඇති දූවිලි හා වායූන්ගෙන් සැදුම්ලත්තීරුවක් වැනි ප්‍රදේශය, නව තාරකාවන් බිහිවීම් නිරන්තරයෙන් සිදුවන ප්‍රදේශයක් ලෙස හදුන්වන අතර මෙම ප්‍රදේශය "Fairy of Eagle" ලෙස හදුන්වනු ලබයි. අවසාන වශයෙන් 'Eagle' නිහාරිකාව දැක්වෙන මෙම දුරේක්ෂීය ඡායාරූපය මගින් ආලෝක වර්ෂ 70 ක කලාපයක් පුරා විහිදී ගොස් ඇති කලාපයක් නිරූපණය කර ඇති බවද මෙහිදී සදහන් කළ යුතුය.
Image Credit & Copyright: Charles Bonafilia
Messier 16 (The Eagle Nebula)
The awesome beauty of the Eagle Nebula
