🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 05 - "Sagittarius" තාරකා රාශියේ පිහිටා ඇති "Trifid" නිහාරිකාවේ (Trifid Nebula) අසිරිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5200 ක් ඈතින්, විවිධාකාරයේ නිහාරිකාවන්ගෙන් ගහණ වූ කලාපයක් ලෙස සැලකෙන "Sagittarius" නම් තාරකා රාශියේ පිහිටා තිබෙන "star-forming nebula" ගණයට අයත් වන "Trifid Nebula" (Messier 20, M20 හා NGC 6514 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) නම් නිහාරිකාවේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. අපගේ ක්ෂීරපථය මන්දාකිණිය තුළ එහි තලයට සමාන්තරව පිහිටා තිබෙන, නව තාරකාවන් බිහිවීම සිදුවන කලාපයක් ලෙස සැලකෙන සැලකෙන මෙම "Trifid" නිහාරිකාව තුළින් එකිනෙකට වෙනස් වූ නිහාරිකාවන් වර්ග 3 කින් පෙන්නුම් කරන ලක්ෂණ කීපයක් පොදුවේ නිරූපණය වීම, මෙම නිහාරිකාවෙහි පවතින සුවිශේෂී අංගයක් ලෙස සදහන් කළ හැක. හයිඩ්‍රජන් පරමාණු මගින් නිකුත්වන ආලෝකයෙන් දීප්තිය උපදවා ගන්නා රතු විමෝචන නිහාරිකාවකත් (red emission nebulae), දූවිලි මගින් පරාවර්තනය කරන තාරකාලෝකය (starlight) මගින් දීප්තිය උපදවා ගන්නා නීල වර්ණ පරාවර්තන නිහාරිකාවක (blue reflection nebulae), මෙන්ම ආලෝකය අවහිර කරන හා දූවිලි වලින් ගහණ වූ අන්තර්තාරකා වළාවන්ගෙන් නිර්මිත අඳුරු නිහාරිකාවක (dark nebulae) ස්වරූපය ද මෙම "Trifid Nebula" ව තුළින් පෙන්නුම් කරයි.

    මෙහි වූ මෙම රත් පැහැ විමෝචන කලාපය, අඳුරු පැහැති ඝන දූවිලි මාවත් ත්‍රිත්වයක් මගින් බෙදා වෙන්කර තිබීම හේතුවෙන් මෙම නිහාරිකාව "Trifid Nebula" (තෙබිඩි නිහාරිකාව) යන නමින් හැදින්වීමට මුල්වී තිබේ. කුළුණු ආකාරයේ ස්වභාවය ගත් මෑතකදී බිහිවූ නව තාරකාවන්ගෙන් නිකුත් වූ දූවිලි වළාවන්ගෙන් ගහණව පවතින "Trifid" නිහාරිකාවේ මධ්‍යයයේ ඉහළ හා දකුණු ප්‍රදේශ ද නිරූපණය වන මෙම අපූරු ඡායාරූපය, හබල් දුරේක්ෂය මගින් මෙම "Trifid" නිහාරිකාව අයත් වූ කලාපයේ ලබාගත් සුප්‍රසිද්ධ ඡායාරූප ගොන්න අතරට එක් වූ ඡායාරූපයකි. ආලෝක වර්ෂ 40 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන මෙම නිහාරිකාව පියවි ඇසින් නිරීක්ශනය කිරීම අපහසු කටයුත්තක් වන අතර මෙම නිහාරිකාවට අමතරව ඡායාරූපයේ පහළ දකුණු කෙළවරට වන්නට දිස්වන "Messier 21" (M21, NGC 6531) නමින් හදුන්වන, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4240 ක් ඈතින් පිහිටා තිබෙන විවෘත්ත තාරකා පොකුර ද (Open star cluster) මෙහිදී නිරීක්ශනය කළ හැකිය.


    Image Credit & Copyright: Vikas Chander

    M20-Trifid-Nebula-4096.jpg





    Trifid Nebula













    Messier 21 (Open Star Cluster)

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    TNTCr38.jpg



    දිනය: 2023 ජුනි 05

    "Trifid" නිහාරිකාවේ (Trifid Nebula) මධ්‍ය ප්‍රදේශය නිරූපණය කෙරෙන අපූර්ව ඡායාරූපයක්

    Image Credit & Copyright: Martin Pugh

    Trifid_Pugh_2346.jpg
     
    • Like
    Reactions: Walter White