'Pulsar' යනු ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයන්ගෙන් යුක්ත වූ, මිලි තත්පර හා තත්පර අතර කාල සීමාවන්හීදී විකිරණ ස්පන්දන නිකුත් කරන, භ්‍රමණය වන නියුට්‍රෝන තාරකාවන් වන අතර මේ ස්පන්දන හේතුවෙන් මෙම තාරකාවන්ගෙන් වේගවත් අංශූන්ගෙන් සමන්විත වූ අති ප්‍රභල ආලෝක කදම්භයන් නිකුත් වීම නිරන්තරයෙන් සිදු කරයි. අද දිනයේ නාසා ඡායාරූපය මගින් නිරූපණය වන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6523 ක් පමණ ඈතින්, 'Taurus' නම් තාරකා රාශියේ පිහිටා තිබෙන, ආලෝක වර්ෂ 5.5 ක අරයකින්ද සමන්විත වන,
"supernova remnant" හා "pulsar wind nebula" ගණයට අයත් වන "Crab Nebula" නම් නිහාරිකාවේ හරයෙහි පිහිටා තිබෙන තත්පරයට භ්‍රමණ වාර 30 ක් පමණ සිදුකරන "Crab Pulsar" නමින් හදුන්වන එවැනි නියුට්‍රෝන තාරකාවකි.
"Crab Nebula" මධ්‍යයයේ/ හරයේ පිහිටි සුළියක ආකාරයෙන් දිස්වන මෙම "Crab Pulsar" හා එය හේතුවෙන් "Crab Nebula" හරය ආශ්‍රිත ප්‍රදේශයේ හටගෙන තිබෙන දිදුළන වායූන් මෙන්ම කුහර සහ කරකැවෙන සූත්‍රිකා ද (cavities and swirling filaments) මෙහිදී නිරීක්ශනය කළ හැකිය.දුරේක්ෂයන් කීපයකින් ලබාගත් දත්ත ඇසුරෙන් මෙම ඡායාරූපය නිර්මාණය කර තිබෙන අතර හබල් දුරේක්ෂය මගින් ලබාගත් දෘෂ්‍ය ආලෝකයේ දත්ත දම් පැහැයෙන් ද, 'Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්තයන් නිල් පැහැයෙන් හා "Spitzer" අභ්‍යවකාශ දුරේක්ෂය (Spitzer Space Telescope) ලබාගත් අධෝරක්ත කිරණ දත්ත රතු පැහැයෙන් ද නිරූපණය වන අයුරින් මෙම "Crab Pulsar" දැක්වෙන ඡායාරූපය නිර්මාණය කර තිබේ.
විශ්වීය ඩයිනමෝවක් (cosmic dynamo) ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙම "Crab pulsar" මගින් "Crab Nebula" සිදුවන විමෝචන ක්‍රියාවලියට බලය සැපයීම සිදු කරන අතර ඒ අවට වූ ද්‍රව්‍යයන් හා සර්පිලාකාර චලිතයන් සිදුකරන ඉලෙක්ට්‍රෝන අංශු අතරින් කම්පන තරංගයන්ට ගමන් කිරීමට අවශ්‍ය වන ශක්තිය ලබාදීමද මෙමගින් සිදු කරයි. අපගේ සූර්යයාටත් වඩා වැඩි ස්කන්ධයකින් හා පරමාණුක න්‍යෂ්ටියකට සමාන ඝනත්වයකින් යුක්ත වූ මෙම භ්‍රමණය වන 'pulsar', දැවැන්ත තාරකාවක සිදුවූ සුපර්නෝවා පිපිරීමක් හේතුවෙන් ගුරුත්වාකර්ශන කඩා වැටීමකට ලක්වූ එම තාරකාවෙහි හරය ලෙසද මෙහිදී හැදින්විය හැකිය. මෙම "Crab Nebula" හි බාහිර ප්‍රදේශයන්, මෙම පිපිරී ගිය තාරකාවෙහි (supernova) වූ පුළුල් වෙමින් පවතින සංරචක වායූන්ගෙන් නිර්මාණය වී ඇත. මෙම "Crab pulsar" නිර්මාණය වීමට හේතුවූ දැවැන්ත සුපර්නෝවා පිපිරීම 1054 වර්ෂයේදී පෘථිවියට දර්ශනය වී ඇත.
Image Credit: NASA: X-ray: Chandra (CXC), Optical: Hubble (STScI), Infrared: Spitzer (JPL-Caltech)
Crab Pulsar
Crab Nebula
SN 1054 (supernova)
