🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 27 - 'Cocoon' නිහාරිකාව ( The Cocoon Nebula / IC 5146) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,986
    152,978
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් ඈතින්, 'Cygnus' (the Swan) තාරකා රාශියේ පිහිටා තිබෙන "The Cocoon Nebula" පරාවර්තන/විමෝචන නිහාරිකා ගණයට අයත් වන නිහාරිකාවකි. IC 5146, Caldwell 19, Sh 2-125 හා Barnard 168 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන 'Cocoon' නිහාරිකාව තුළ පිහිටා ඇති අලුත බිහිවූ තාරකා පොකුරක අසිරිය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය කරයි. අනෙකුත් තාරකා බිහිකිරීමේ කිරීමේ ක්‍රියාවලීන් සිදුවන ප්‍රදේශයන් (star forming regions) සේම රත් පැහැයෙන් දිදුළන හයිඩ්‍රජන් වායුවෙන් හා උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් මෙන්ම දූවිලි මත පතිත වූ තාරකාලෝකයෙහි (starlight) සිදුවන පරාවර්තනය හේතුවෙන් දර්ශනය වන අණුක වළාවකින් ද (molecular cloud) මෙම නිහාරිකාව සමන්විත වී තිබේ.

    මෙහි දිස්වන නිහාරිකාවේ මධ්‍යයට ආසන්නයෙන් පිහිටා තිබෙන තාරකාවෙහි වයස වසර ලක්ෂ කිහිපයක් පමණ වන අතර මෙම තාරකාව මගින්, අණුක වළාකුලෙහි කුහරයේ වූ තාරකාන්ගේ බිහිවීම සදහා උපකාරී වන දූවිලි හා වායූන් ඉවත් කරමින් නිහාරිකාවෙහි වූ දීප්තිය වර්ධනය කිරීම සදහා බලය සැපයීම සිදු කරයි. කැන්ඩාවෙහි, ඔන්ටාරියා (Ontario) ප්‍රාන්තයේ පිහිටි 'Ayr' නම් නගරයේ සිට කුඩා දුරේක්ෂයක් යොදාගනිමින්, පැය 29 ක කාලසීමාවක් මුළුල්ලේ සිදුකළ නිරීක්ශනයන් මගින් 'Cocoon' නිහාරිකාව දැක්වෙන මෙම අපූරු ගැඹුරු ක්ෂේත්‍ර වර්ණ ඡායාරූපය ලබාගෙන තිබේ.


    Image Credit & Copyright: David Jenkins

    IC5146JenkinsAB3.jpg




    ✨ The Cocoon Nebula (IC 5146)

    ✨ IC 5146 (Cocoon Nebula) - Star Cluster + Nebula in Cygnus
     

    Similar threads