පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10,010 ක් ඈතින් වන්නට, අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණියේ (Milky Way galaxy) ඇති "Sagittarius" නම් තාරකා රාශියේ පිහිටා ඇති දැවැන්ත තාරකා වළාකුලක් ( Star Cloud) වන "Sagittarius Star Cloud" නැතහොත් "Messier 24", හා "M24" යන නාමයන්ගෙන් ද හදුන්වන තාරකා වළාකුලෙහි අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Charles Messier" විසින් සකස් කරන ලද "Messier objects" නමින් ප්‍රකාශයට පත්කළ වර්ගීකරණයට ද (astronomical catalogue)අයත් වූ ආකාශ වස්තුවක් වන මෙම "Sagittarius" තාරකා වළාකුල, මන්දාකිණියක් හෝ තාරකා පොකුරක් ලෙස නොසලකන අතර දැවැන්ත වායු හා ධූලි වළාවන්ගෙන් සැදුම්ලත්ව නිර්මාණය වී තිබේ. ආලෝක වර්ෂ 300 ක අරයකින් මෙම "Sagittarius" තාරකා වළාකුල යුක්ත වන අතර ඡායාරූපයේ දැක්වෙන "Sagittarius Star Cloud" දිස්වන අදුරු පැහැති කලාප ද්විත්වයෙන් (ඡායාරූපයේ ඉහළින් පිහිටි ප්‍රදේශයේ) "B92" (Barnard 92) "B93"(Barnard 92) යන අදුරු නිහාරිකාවන් ද්විත්වය ( dark nebula) නිරූපණය වේ.
Image Credit & Copyright: Gabriel Rodrigues Santos
Charles Messier
Messier 24: Sagittarius Star Cloud
Last edited: