මද ආලෝකයෙන් යුතුව මෙහි දිස්වන තැන තැන විසිරී පවතින තාරකාවන් සමූහය "Capricornus" නම් තාරකා රාශියට අයත් වන අතර ඒවා මෙම ඡායාරූපය තුළින් දර්ශනය වන දෘෂ්ටි ක්ෂේත්‍රයට සමගාමීව පිහිටා ඇති මනඃකල්පිත තලය මත පිහිටා ඇති ආකාරයෙන් දිස්වේ. මෙහි මධ්‍යයයේ දිස්වන්නේ දීප්තිමත් තාරකාවන් ද්විත්වයක් යැයි ඇතැමිට ඔබ සිතනවා වන්නට හැකිය. නමුත් ඇත්ත වශයෙන්ම මෙහිදී දිස්වන මෙම දීප්තිමත් ආකාශ වස්තූන් ද්විත්වය වන්නේ අඟහරු හා සෙනසුරු ග්‍රහයින්ය. පසුගිය අප්‍රේල් 04 වනදා අලුයම් කාලයේ ලබාගෙන තිබෙන මෙම දුරේක්ෂීය ඡායාරූපයෙහි අඟහරු හා සෙනසුරු ග්‍රහයින් අංශක 1/3 කෝණයකින් යුතුව දුර්ස්ව ඇති ආකාරයෙන් දිස්වන අතර මෙම දුරස්ව ඇති ප්‍රමාණය පූර්ණ චන්ද්‍රයාගේ දෘශ්‍ය පළලට වඩා මදක් අඩු ප්‍රමාණයක් ගනී. මෙහි රතු පැහැයෙන් දිස්වන්නේ අගහරු ග්‍රහයා වන අතර ඊට ඉහළින් සූර්යාලෝකය පතිත වීම හේතුවෙන් සුදුමැලි කහ පැහැ දීප්තියකින් (paler yellowish tinge) සූර්යාලෝකය පරාවර්තනය කරන සෙනසුරු ග්‍රහයා ද දැකගත හැකිය. එමෙන්ම මේ ඡායාරූපය වඩාත් හොදින් නිරීක්ශනය කරන අයෙකුට සෙනසුරුට වම්පසින් කුඩාවට දිස්වන සෙනසුරුගේ විශාලතම හා දීප්තිමත් ම උපග්‍රහයා (චන්ද්‍රයා) වන ටයිටන් (Titan) උපග්‍රහයා ද දැකගත හැකිය.
Image Credit & Copyright: Damian Peach
Mars-Saturn conjunction