🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 11 - සූර්යයා පසුකර යන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station - ISS) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    nvexcIu.jpg


    සාමාන්‍යයෙන් පෘථිවිය වටා කක්ෂ ගත වී ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station - ISS) පෘථිවිවාසීන්ට දර්ශනය කර ගත හැකි වන්නේ රාත්‍රී කාලයේදී පමණි. දිනකට වාර 16 ක් පමණ පෘථිවිය වටා ගමන් කරන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, රාත්‍රී කාලයේදී අහස සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන අයෙකුට කුඩා දීප්තිමත් තිතක් ලෙස දැකගැනීමට හැකි අතර මීට අමතරව හිරු බැසගොස් මොහොතකට පසුවත්, හිරු උදාවීමට මොහොතකට පෙරත් සූර්යකිරණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මත පතිත වීමෙන් හටගන්නා දිස්නය තුළින් ද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හදුනා ගත හැක. පෘථිවියේ සෙවනැල්ලට "ISS" හි ළගාවීම සිදුවත් ම එය නොපෙනීයාම සිදුවන අතර දහවල් කාලයේදී එය දැක ගැනීමට උදාවන එකම අවස්ථාව වනුයේ සූර්යයා ඉදිරියෙන් ගමන් කරන මොහොතේදීය. මෙහි දැක්වෙන ඡායාරූපයෙන් එසේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සූර්යයා ඉදිරියෙන් ගමන් කළ අවස්ථාවන් මාලාවක් දෘෂ්‍යව කැටි කිරීම (visually freeze) මගින් නිර්මාණය කරන ලද තනි අවස්ථාවක් ලෙස දක්වා ඇති අතර කැමරා කාචය සීමිත නිරාවරණ කාලයන්ට (short exposures) ලක් කරමින් එකම වේලාවකදී ලබාගත් ඡායාරූප සමූහයක් මෙම ඡායාරූපය සකස් කිරීමට යොදාගෙන තිබේ. මේ මස මුල චීනයේ, Beijing අගනුවර පිහිටි ස්ථානයකදී ගනු ලැබූ ඡායාරූප සමූහයක් එක්කොට නිර්මාණය කළ මෙම ඡායාරූපය මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අමතරව සූර්යයා වටා දිස්වන සූර්ය පෘෂ්ඨය මගින් පිටතට නිකුත් කරන තාපදීප්ත, අයනීකෘත වායු අඩංගු සූර්ය ගිනිදැල් ද , සූර්යයා මත ඇති අදුරු පැහැ සූර්ය ලප ද දැකගත හැකිය.


    Image Credit & Copyright: Wang Letian (Eyes at Night)

    IssSunspot_Letian_2400.jpg





    🛰️🌏 The International Space Station 🌎(ISS) 🛰️









    මෙයින් දැක්වෙන්නේ 2018 වසරේදී රූපගත කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුර්යයා පසු කර යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයකි.

     

    Similar threads