🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 19 - "Running Chicken Nebula" නම් නිහාරිකාව තුළ පිහිටා ඇති තාරකාවන් හා "Globules" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,024
    153,092
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6,523 ඈතින්, "Centaurus" තාරකා රාශියේ පිහිටා ඇති විමෝචන නිහාරිකාවක් (emission nebula) වන "Running Chicken Nebula" (IC 2944, Lambda Centauri Nebula / λ Centauri Nebula යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) නම් නිහාරිකාවේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. දිවයන කුකුළෙකුගේ ස්වරූපයෙන් දිස්වන හැඩයකින් මෙම නිහාරිකාව යුක්ත වන අතර ඡායාරූපයේ පහළින් වන්නට දිස්වන කුඩා හා අදුරු අණුක වළාකුළු ( molecular clouds ) "Thackeray's Globules" නමින් හදුන්වන අතර ඒවා cosmic දූවිලි වලින් නිර්මාණය වී තිබේ. "eggs" නමින් ද හදුන්වන මෙම අණුක වළාවන්, නව තාරකාවල ගුරුත්වාකර්ෂණ ඝනීභවනය ( gravitational condensation) සිදුවන ස්ථානයන් ලෙසද හදුනාගෙන තිබෙන අතර මෙම අණුක වළාවන්ගේ ඉරණම තීරණය වන ආකාරය පිළිබදව නිශ්චිත හේතුවක් තාරකා විද්‍යාඥයන් හට මෙතෙක් හදුනා ගැනීමට නොහැකි වී තිබෙන නමුත් අසල්වැසි තාරකාවන්ගෙන් පැමිණෙන ප්‍රබල විකිරණයන් හේතුකොට ගෙන ඒවා ක්‍රමක්‍රමයෙන් ඛාදනය වී යන බවට ඔවුන් විශ්වාසය පළකරයි. දිලිසෙන වායූන්ගෙන් හා දූවිලි පරාවර්තනය කරනා සංකීර්ණ ප්‍රදේශයන්ගෙන් සැදුම් ලත් ආලෝක වර්ෂ 60 ක කලාපයක් පුරා පැතිරී පවතින මෙම "Running Chicken Nebula" නම් නිහාරිකාව තුළ නව විවෘත්ත තාරකා පොකුරක් ( open star cluster) ලෙස සැලකෙන "Collinder 249" නම් තාරකා පොකුර ද පිහිටා තිබේ.


    Image Credit & Copyright: Stefan Steve Bemmerl

    IC2944_Bemmerl_1948.jpg





    Running Chicken Nebula

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නාසා කියන්නේ තනිකරම කෙප්පයක්.. කොටින්ම කියනවනම් පෘතුවිය කියන්නේ ගෝලයක් නෙමේ කියලවත් ඔප්පු නොකරන කපටි හොරු රැලක්...🤭

     
    • Like
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,024
    153,092
    113
    නාසා කියන්නේ තනිකරම කෙප්පයක්.. කොටින්ම කියනවනම් පෘතුවිය කියන්නේ ගෝලයක් නෙමේ කියලවත් ඔප්පු නොකරන කපටි හොරු රැලක්...🤭


    රාවණා ද කිව්වේ ඕකත්?

    dfd1cbca153b45d3a141932d0584eef1.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රාවණා ද කිව්වේ ඕකත්?

    dfd1cbca153b45d3a141932d0584eef1.jpg
    කලාම සුත්‍රේ හැටියට එක එකාලා කියන පලියට දෙයක් පිලිගන්න එපා කියලයි කියලා තියෙන්නේ..පොත්ත සුදු වෙන එක අමුතු සුදුසුකමක් නෙමේ.. තමුන්ගේ ඇස් දෙකටවත් තාම පෘතුවිය දැකලා නැතුව කොහොමද හරියටම කියන්නේ පෘතුවිය බෝලයක් කියලා? 🤭
     
    • Like
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,024
    153,092
    113
    කලාම සුත්‍රේ හැටියට එක එකාලා කියන පලියට දෙයක් පිලිගන්න එපා කියලයි කියලා තියෙන්නේ..පොත්ත සුදු වෙන එක අමුතු සුදුසුකමක් නෙමේ.. තමුන්ගේ ඇස් දෙකටවත් තාම පෘතුවිය දැකලා නැතුව කොහොමද හරියටම කියන්නේ පෘතුවිය බෝලයක් කියලා? 🤭
    9d5c055c-013d-45a5-aea8-b38d2684af57_text.gif


    1c8.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කලුසුද්දන්ට ලොකු උනාට අපිට ඔය නාසා ලොකු නෑ..🤭 බුදුහාමුදුරුවෝ ලොකේ ගෝලයක් කියලා කියලා නෑ. තලයක් කියලා තියෙන්නේ.. බයිබලයේ තියෙන්නේ තැටියක් කියලා..ඒවයි ඇත්ත.. :yes:
     
    • Like
    Reactions: Reincarnator

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉර යන්නේ පෘතුවිය වටේ .. :yes: අග්ගන්ය සූත්‍රයේ හැටියට බ්‍රහ්මයෝ පෘතුවියට ආවට පස්සේ තමයි ඉරයි හඳයි බිහිවෙන්නේ.. ඉරයි හඳයි දියුණු පිටසක්වල ජීවී තාක්ෂණයකින් නිපදවපු කෘතිම නිර්මාණ..
     
    • Like
    Reactions: Reincarnator

    Similar threads