පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6,523 ඈතින්, "Centaurus" තාරකා රාශියේ පිහිටා ඇති විමෝචන නිහාරිකාවක් (emission nebula) වන "Running Chicken Nebula" (IC 2944, Lambda Centauri Nebula / λ Centauri Nebula යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) නම් නිහාරිකාවේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. දිවයන කුකුළෙකුගේ ස්වරූපයෙන් දිස්වන හැඩයකින් මෙම නිහාරිකාව යුක්ත වන අතර ඡායාරූපයේ පහළින් වන්නට දිස්වන කුඩා හා අදුරු අණුක වළාකුළු ( molecular clouds ) "Thackeray's Globules" නමින් හදුන්වන අතර ඒවා cosmic දූවිලි වලින් නිර්මාණය වී තිබේ. "eggs" නමින් ද හදුන්වන මෙම අණුක වළාවන්, නව තාරකාවල ගුරුත්වාකර්ෂණ ඝනීභවනය ( gravitational condensation) සිදුවන ස්ථානයන් ලෙසද හදුනාගෙන තිබෙන අතර මෙම අණුක වළාවන්ගේ ඉරණම තීරණය වන ආකාරය පිළිබදව නිශ්චිත හේතුවක් තාරකා විද්‍යාඥයන් හට මෙතෙක් හදුනා ගැනීමට නොහැකි වී තිබෙන නමුත් අසල්වැසි තාරකාවන්ගෙන් පැමිණෙන ප්‍රබල විකිරණයන් හේතුකොට ගෙන ඒවා ක්‍රමක්‍රමයෙන් ඛාදනය වී යන බවට ඔවුන් විශ්වාසය පළකරයි. දිලිසෙන වායූන්ගෙන් හා දූවිලි පරාවර්තනය කරනා සංකීර්ණ ප්‍රදේශයන්ගෙන් සැදුම් ලත් ආලෝක වර්ෂ 60 ක කලාපයක් පුරා පැතිරී පවතින මෙම "Running Chicken Nebula" නම් නිහාරිකාව තුළ නව විවෘත්ත තාරකා පොකුරක් ( open star cluster) ලෙස සැලකෙන "Collinder 249" නම් තාරකා පොකුර ද පිහිටා තිබේ.
Image Credit & Copyright: Stefan Steve Bemmerl
Running Chicken Nebula