🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 21 - "ඇපලෝ 16" මෙහෙයුමේදී ලබාගත්, චන්ද්‍රයාගේ පැනරෝමා ඡායාරූපය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nvexcIu.jpg


    මීට වසර 50 කට පෙර, එනම් 1972 අප්‍රේල් මස 20 වනදා ඇපලෝ 16 යානයෙහි චන්ද්‍ර මොඩියුලය ( lunar module) වූ "Orion' නම් චන්ද්‍ර මොඩියුලය චන්ද්‍රයාගේ දකුණු-මැද (south-central) දෙසට වන්නට පිහිටි "ඩෙකාට් කඳුකරය" (Descartes Highlands) යනුවෙන් හදුන්වන උස්බිම් ප්‍රදේශයට ගොඩ බැස්සවීම සිදු විය. මෙහිදී John Young හා Charles Duke යන අභයවකාශගාමීන් දෙදෙනා සද මතට ගොඩබැස්වීම සිදුකළ "Orion' චන්ද්‍ර මොඩියුලයේ මෙහෙයවීම් කටයුතු සිදුකළ අතර අභ්‍යවකාශගාමී Ken Mattingly සද වටා භ්‍රමණය වෙමින් පැවති අභයවකාශගාමීන් තිදෙනාට නැවත පෘථිවියට පැමිණීම සදහා උපකාර වන "Casper" නමින් හැදින්වූ විධාන සහ සේවා මොඩියුලය (command and service module) ඇතුළත් වූ යානය තුළ රැදීසිටීම ද සිදු කර තිබේ. John Young හා Charles Duke යන අභයවකාශගාමීන් දෙදෙනා දින තුනක පමණ කාලයක් සද මත රැදී සිටිමින් මෙහෙයුමට අදාළ වූ විවිධ පර්යේෂණ කටයුතුවල යෙදී ඇති අතර ඉහත දැක්වෙන පැනරොමික් (panoramic) ඡායාරූපය "Orion' චන්ද්‍ර මොඩියුලයට අයත් වූ විදුලියෙන් ක්‍රියාත්මක වන රෝවර් රථය (electric lunar roving vehicle) යොදාගෙන සද මත සිටි අවසන් දිනයේ එනම් තෙවැනි දින, අභයවකාශගාමීන් දෙදෙනා විසින් චන්ද්‍රයා මත සිදුකරන ලද අවසන් චාරිකාවෙන අනතුරුව මොහොතකට පසු ලබාගෙන ඇති අතර මෙහිදී ලබාගත් කේතික නම් වලින් හැදින්වූ ඡායාරූප කීපයක් එනම්, AS16-117-18814 සිට AS16-117-18820 දක්වා වූ ඡායාරූප පෙළ යොදාගෙඅන මෙම "panoramic" ඡායාරූපය නිර්මාණය කර ඇති බවත් මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය. මෙහිදී කැමරාව හැසිරවීම Charles Duke විසින් සිදුකර ඇති අතර රෝවර් යානයේ ඇති ඇන්ටනාව පෘථිවිය දෙසට යොමුකර සුසර කරමින් සිටිනා John Young හා ඊට මදක් ඈතින් ඇති "Orion' නම් චන්ද්‍ර මොඩියුලය ද මෙම ඡායාරූපය තුළින් දර්ශනය කර ගත හැකිය.


    Image Credit: Apollo 16, NASA; Panorama Assembly: Mike Constantine

    Apollo-16-station-10.jpg





    🌕🌗 Apollo 16 (Moon Mission) 🌗🌕




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ahase tharu peene natte mokada ?
    හදට ගිය ගොඩක් ගගන්ගාමියො ඔය ෆොටෝස් ගන්න පාවිච්චි කරලා තියෙන්නේ film cameras. ඒ කැමරාවල camera settings හදලා තියෙන්නේ focus කරපු object එක capture කරගන්න (short exposures). ඒ හින්දා background එකේ තියෙන තාරකා වගේ අඩු ආලොකයකින් පේන කුඩා දේවල් එච්චර පැහැදිලිව කැමරාවට හසුවෙන්නෙ නෑ.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    හදට ගිය ගොඩක් ගගන්ගාමියො ඔය ෆොටෝස් ගන්න පාවිච්චි කරලා තියෙන්නේ film cameras. ඒ කැමරාවල camera settings හදලා තියෙන්නේ focus කරපු object එක capture කරගන්න (short exposures). ඒ හින්දා background එකේ තියෙන තාරකා වගේ අඩු ආලොකයකින් පේන කුඩා දේවල් එච්චර පැහැදිලිව කැමරාවට හසුවෙන්නෙ නෑ.

    එකක්වත් අහුවෙන්නෙ නැද්ද ? යන්තම් වත් ?? :(
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads