🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 22 - පෘථිවියේ දිවා සහ රාත්‍රී කාලයන් වෙන්කරන සීමාව (Earth's terminator Line) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,124
    113
    nvexcIu.jpg


    පෘථිවියේ දිවා කාලය හා රාත්‍රී කාලය වෙන්කරන සීමාව/සීමා ඉර (Terminator Line) නිරූපණය වන මෙම අපුරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරා ගෙන තිබේ. 2001 වසරේදී, පෘථිවියේ සිට නාවික සැතපුම් 211 ඉහළින් පිහිටි කක්ෂයක් සිට පෘථිවිය වටා ගමන් කරනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station) සිට ලබාගෙන ඇති මෙම ඡායාරූපයෙහි මෙලෙස දිවා රාත්‍රී කාලයන් වෙන්කරන සීමාවන් එකඑල්ලේම වෙන්වී ඇති ආකාරයෙන් දිස් නොවන අතර එම කලාප දෙක යාකරමින්,මද ආලෝකයෙන් යුතුව බොදවූ සෙවනැල්ලක් පතිත වී ඇත් අයුරින් දිස්වන කලාපය මගින්, අප ක්‍රමයෙන් අන්ධකාරයට සංක්‍රමණය වීම සිදුවන සන්ධ්‍යා කාලය එළඹීම සිදුව ඇති ප්‍රදේශයන් නිරූපණය කෙරේ. ඡායාරූපයේ ආලොකමත්ව දිස්වන, දකුණු පසට වන්නට ඇති භූමි කලාපයට ඉහළින් ඇති වළාකුළු රත් පැහැයෙන් දිස්වන්නේ, දූවිලි වලින් ගහණ වූ පෘථිවි වායුගෝලයෙහි පහතින්ම ඇති ස්ථරය වන "troposphere" මගින් සූර්ය කිරණ පෙරාහැරීමට ලක්කිරීමේදී එම ආලෝකය වළාකුළු හරහා නැවත පරාවර්තනය සිදුවීම හේතුකොට ගෙනය. ඡායාරූපයේ ඇති ආලෝකමත් දිවා කලාපයට ඉහළින් දිස්වන, නිල්පැහැයෙන් යුක්ත වූ දීප්තිමත් කලාපයන් මගින් පෘථිවි වායුගෝලයේ ඉහළින්ම ඇති ස්ථරයන් ද දර්ශනය කර ගත හැකිය.


    Image Credit: ISS Expedition 2 Crew, Gateway to Astronaut Photography of Earth, NASA

    ISS002-E-7377_2048c.jpg





    🌏 Earth's terminator Line (Day/Night Terminator) 🌎




     

    Similar threads