🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 23 - "Messier 104" සර්පිල මන්දාකිණිය (The Sombrero Galaxy) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 29.35 ඈතින් Virgo හා Corvus යන තාරකා රාශීන්ට අයත් සීමාවන්ට ආසන්නයෙන් පිහිටා ඇති සර්පිල මන්දාකිණියක් (Spiral Galaxy) වන "Messier 104" නැතහොත් "The Sombrero Galaxy" (NGC 4594 හා M104 ලෙස ද හදුන්වයි) යනුවෙන් හදුන්වන සර්පිල මන්දාකිණියේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. හබල් දුරේක්ශයෙන් (Hubble Space Telescope) ලබාගත් පැය 10 කට අධික කාලයකින් යුක්ත වන රූපමය දත්ත ඇසුරෙන් නිර්මාණය කර තිබෙන මෙම ඡායාරූපය මගින් "Messier 104" මන්දාකිණියෙහි පිටත වළල්ල වටා නිර්මාණය වී ඇති මනරම් ධූලි මාවත් (dust lanes) නිරීක්ශනය කළ හැකි අතර මන්දාකිණිය මධ්‍යයයේ පිහිටා ඇති දීප්තිමත් අයුරින් දිස්වන විශාල "central bulge" එකද මෙහිදී පැහැදිලිව දැකගත හැකිය. මෙම මන්දාකිණිය වටා ඇති cosmic dust හේතුවෙන් නිර්මාණය වී ඇති ධූලි මාවත් හා මධ්‍යයයේ පිහිටි විශාල "central bulge" එකත් එකට ගත් කළ එහි ස්වරූපය මෙක්සිකානු ජාතිකයන් භාවිතා කරනා "sombrero" නමින් හදුන්වන තොප්පියේ හැඩයට සමානකම් දැක්වීම හේතුවෙන් මෙම මන්දාකිණිය "The Sombrero Galaxy" යන නමින් හැදින්වීම සිදු කරයි. මෙම "central bulge" එක තුළ මන්දාකිණිය මධ්‍යයයේ ඇති දැවැන්ත කළු කුහරය ( supermassive black hole) පිහිටා ඇති අතර "Messier 104" මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 50000 ක පමණ අගයයක් ගනී. "Messier 104" සර්පිල මන්දාකිණිය, "Virgo Galaxy Cluster" නමින් හදුන්වන මන්දාකිණි පොකුරට අයත් වන මන්දාකිණි අතර ඇති විශාලතම මන්දාකිණියක් ලෙස සලකන අතර මෙම මන්දාකිණිය තුළ තාරකා බිලියන් 100 කට අධික සංඛ්‍යාවක් පවතින බවත් ගණන් බලා තිබේ.


    Image Credit: NASA, ESA, Hubble Legacy Archive;
    Processing & Copyright: Ignacio Diaz Bobillo

    M104_HST_final2_4096.jpg





    "Sombrero" තොප්පි

    CharroHatsMAPDF.JPG




    Messier 104 (Sombrero Galaxy)




     

    Similar threads