🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 01 - චන්ද්‍ර කාලාවර්තය (lunar cycle / lunation) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    nvexcIu.jpg


    මාසයක් පුරාවට සෑම දිනකම, රාත්‍රී ආකාසයෙහි පායා ඇති පෘථිවි චන්ද්‍රයා වෙත තම නෙත යොමුකළ හොත් සූර්යාලෝකය මගින් ආලෝකවත් කර ඇති චන්ද්‍රයාගේ පෘෂ්ඨීය කොටසේ ප්‍රමාණයන් ක්‍රමයෙන් වෙනස් වන අයුරු නිරීක්ශනය කළ හැකිය. මෙම වෙනස්වීම් නව සඳේ (New Moon) සිට පුර සඳ දක්වාත්, නැවතත් නව සඳ දක්වාත් වූ ප්‍රධාන අවධියන්ට සම්ප්‍රාප්ථ වීම සිදුවන අතර දින 29.5 ක කාලසීමාවක් තුළ සිදුවන මෙම අවධි වෙනස් වීමේ චක්‍රය "චන්ද්‍ර කාලාවර්තය' නැතහොත් "චන්ද්‍ර මාසයක්' (lunar cycle / lunation) ලෙස හදුන්වනු ලබයි.

    පහත දක්වා ඇති දුරේක්ෂීය අනුකෘති රූපරාමු 28 කින් (7x4 matrix of telescopic images) සමන්විතව නිර්මාණය කළ ඇති ඡායාරූපය මගින් පසුගිය ජූලි මස 29 වනදා සිට අගෝස්තු මස 26 වනදා දක්වා වූ දින 28 ක කාලසීමාව තුළ (පූර්ණ චන්ද්‍ර මාසයකට ආසන්න වූ කාලසීමාවක්) රාත්‍රියන් 28 කදී මෙම චන්ද්‍ර කලාවන්ට (අවධීන්ට) පත්වීම සිදුවූ ආකාරය නිරූපණය කරයි. එම කාලසීමාව තුළ චන්ද්‍රයාගේ පෘෂ්ඨය සූර්යාලෝකය මගින් ආලෝකවත් වූ ප්‍රමාණයන් දිස්වූ ආකාරය මෙයින් පෙන්නුම් කරන අතර පිළිවෙළින් ඡායාරූපයේ ඉහළ වම්පස කෙළවරේ සිට පහළ දකුණුපස කෙළවරට යන්තෙක් නිරීක්ශනය කළ විට මෙම අවධි වෙනස්වීම ක්‍රමවත්ව සිදුවූ ආකාරය අවබෝධ කර ගත හැකිය. මෙහි ඇති කිසිදු ඡායාරූපයක් නව සඳ උදාවට මද වේලාවකට පෙර හෝ පැය 24ක් ගත වීමට පෙර හෝ ලබාගෙන නොමැති අතර මෙහි දැක්වෙන වඩාත්ම පටු අඩ සඳ (narrow crescent)සූර්යයාට ආසන්නයෙන් දිස්වන අවස්ථාවක දැක ගැනීම ඉතා අපහසුය.

    මෙම "චන්ද්‍ර කාලාවර්තය' සදහා ඡායාරූපයන් ගැනීම සදහා මෙම ඡායාරූපයන් ලබාගත් ඡායාරූප ශිල්පියාට ඇතැම් අවස්ථාවන්හී දී මධ්‍යධරණී ප්‍රදේශයන්ගේ ඇති ඉතා පැහැදිලි රාත්‍රී ආකාසයන් පවතින ප්‍රදේශයන් සොයා සංචාරය කිරීමට ද සිදුවී ඇති අතර මෙම ඡායාරූප අතරින් මුල් ඡායාරූපයන් 14 සන්ධ්‍යාවේ මුල් බාගයේදීත්, අවසන් ඡායාරූපයන් 14 සන්ධ්‍යාවේ අග බාගයේදී හා හිමිදිරි උදෑසන කාලයේදී ද ලබාගෙන තිබේ. මෙහි වූ ඡායාරූපයන් සියල්ලම එක හා සමාන පරිමාණයන්ගෙන් ලබාගෙන ඇති බැවින් චන්ද්‍රයා එහි කාලාවර්ථය තුළදී විවිධ අවධීන්ට පත්වන විට එක් එක දිනයේදී දිස්වූ අර්ධ චන්ද්‍රයාගේ දෘ‍ෂ්‍ය පරිමාණය ක්‍රමිකව වෙනස්වන ආකාරය ද මෙමගින් සන්සන්දනය කළ හැකිය.


    Image Credit & Copyright: Tunc Tezel (TWAN)

    Lu20220729-0826.jpg




     

    Similar threads