🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 26 - "Cocoon' නිහාරිකාවෙහි (The Cocoon Nebula) අසිරිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    nvexcIu.jpg


    වල්ගාතරුවක් ස්වභාවයෙන් දිස්වන මෙම ආකාශ වස්තුව අන්කවරක් නොව නිහාරිකාවකි. තාරකාවන්ගෙන් ගහන වූ පහත දැක්වෙන පුළුල් ක්ෂේත්‍ර (Wide Field) ඡායාරූපයෙහි දිස්වන මෙම නිහාරිකාව "Cocoon Nebula" ලෙස හදුන්වන අතර මෙය පරාවර්තන හා විමෝචන නිහාරිකා (emission / reflection nebula) ගනයට අයත් වන්නකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2500 ක් ඈතින්, "Swan' (Cygnus) නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇති මෙම නිහාරිකාව වල්ගාතරුවක් ස්වරූපය ගැනීමට එහි පවතින අන්තර්තාරකා දූවිලි වළාකුළු, දිගු වල්ගයක් මෙන් විහිදී පිහිටා තිබීම හේතු වී තිබේ.

    IC 5146, Caldwell 19, Sh 2-125 හා Barnard 168 යන වර්ගීකරණ නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මෙම "Cocoon Nebula" වෙහි වූ දීප්තිමත් හිස කොටස (වල්ගාතරුවක හිස කොටසෙහි ස්වරූපය ගන්නා දීප්තිමත් මධ්‍ය කලාපය) ආලෝක වර්ෂ 10 ක පමණ කලාපයක් පුරා පැතිර පවතින අතර දූවිලි වළාවන්ගෙන් සමන්විතව නිර්මාණය වූ වල්ග කොටස ආලෝක වර්ෂ 100 ක පමණ දිගකින් ද යුක්ත වේ. නිහාරිකාවෙහි වූ දීප්තිමත් මධ්‍ය ප්‍රදේශයට ආසන්නව දිස්වන දීප්තිමත් තාරකාවෙහි වයස අවුරුදු ලක්ෂ කිහිපයකට වඩා වැඩි නොවන අතර නිහාරිකාවෙහි කවචය තුළ පවතින අණුක වළාවෙහි වූ නව තාරකාවන් උපැද්දවීමට දායක වන දූවිලි හා වායූන් ඉවත් කිරීම හා නිහාරිකාවෙහි දීප්තිය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන බලය සැපයීම ද සිදු කරනු ලබයි. මේ අතර නිහාරිකාවේ වල්ගයෙහි වූ දූවිලි සූත්‍රිකාවන් මෙම දෘෂ්‍ය ආලෝක ඡායාරූපය තුළදී අඳුරු ස්වභාවයකින් දිස්වුව ද අධෝරක්ත කිරණ තරංග ආයාමයන්හීදී මෙම දූවිලි සූත්‍රිකා මගින් වසාගෙන ඇති බිහිවෙමින් පවතින නව තාරකාවන් ද දැකගත හැකිය.


    Image Credit & Copyright: Andy Ermolli

    CocoonWide_Ermolli_5937.jpg





    The Cocoon Nebula

     

    Similar threads