"LDN 43' යනු "RNO 90' හා "RNO 91'නම් වූ පරාවර්තන නිහාරිකාවන් (reflection nebulae) ද්විත්වයකින් සැදුම්ලත්ව නිර්මාණය වූ අඳුරු නිහාරිකාවකි (dark nebula). පියාඹන වවුලෙකුගේ ස්වරූපයක් ගන්නා බැවින් "The Cosmic Bat Nebula" යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වන ලබන මෙම නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400 ක් ඈතින්, "Ophiuchus' නම් තාරකා රාශියට අයත්ව පිහිටා ඇත. නව තාරකාවන් උපැද්ද්වීම සිදුකරන ප්‍රදේශයක් ලෙසද සලකන මෙම නිහාරිකාව සමන්විතව ඇති ඝන අණුක වළාව මගින් පසුබිමේ වූ තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකයන් පමණක් නොව මෙම නිහාරිකාව ආසන්නයෙන් පිහිටා ඇති "LBN 7' නම් වූ පරාවර්ථන නිහාරිකාවෙහි පවතින වායු විමෝචනය මගින් නිකුත් වන ආලෝකයන්ගේ විහිදීම ද අවහිර කොට තිබේ. ආලෝක වර්ෂ 12 ක ප්‍රදේශයක් පුරා විහිදී පවතින වායු හා දූවිලි සූත්‍රිකාවකින් සමන්විත වූ මෙම නිහාරිකාවෙහි අභ්‍යන්තරයට වන්නට දක්නට ලැබෙන අද්භූත ආලෝකය හටගැනීමට මෑතකදී බිහිවූ නව තාරකාවන්ගේ නිර්මාණය සදහා සහභාගි වූ, නිහාරිකාව අභ්‍යන්තරයෙන් ආලෝකමත් කිරීම සිදු කරනු ලබන "ඝන වායු ගැටිති" (dense gaseous knots) හේතු වී ඇත.
Image Credit & Copyright: Mark Hanson and Mike Selby; Text: Michelle Thaller (NASA's GSFC)
LDN 43 - The Cosmic Bat Nebula
