හබල් දුරේක්ශය මගින් 2016 වසරේදී ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ සමීප ඡායාරූපයකුයි අද දිනයේ නාසා ආයතනය මගින් තෝරාගෙන තිබෙන දවසේ ඡායාරූපය බවට පත්වී ඇත්තේ. සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 778.5 දුරකින් පිහිටා ඇති, පෘථිවිය මෙන් 320 ගුණයක ස්කන්ධයකින් යුතු වූ බ්‍රහස්පති ග්‍රහයාගේ ඇති සුවිශේෂී අංගයක් වූ දැවැන්ත රතු ලපය (Great Red Spot) මේ ඡායාරූපයේ එක් පසෙකින් දක්නට ලැබේ. කිලෝමීටර 16,350 ක පළලකින් හා පෘ ථිවිය මෙන් 1.3 ක වටප්‍රමාණයෙන් යුක්ත වන මේ දැවැන්ත රතු ලපය බ්‍රහස්පතිගේ සමකයේ සිට දකුණු දෙසට වන්නට අංශක 22 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයේ පවතින අධි පීඩන කලාපයක් වන අතර එහි පැයට කිලෝමීටර 432 දකවා වේගයෙන් හමායන කුණාටු ඇතිවන බව තාරකා විද්යාඥයන් විසින් සොයාගෙන තිබේ.
Last edited: