ඔරායන් තාරකා රාශියේ (Orion constellation), ඔරායන්ගේ පටිය (Orion's Belt) ලෙස හදුන්වන ප්‍රදේශයේ පිහිටා ඇති තාරකා අතුරින් ප්‍රධානතම තාරකාවන් වන Mintaka, Alnilam,හා Alnitak යන තාරකා ත්‍රිත්වයත්, Horsehead හා Flame යන නෙබියුලාවන් ද්විත්වයත් මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරේ. පසුගිය මාසයේදී ඇමරිකාවේ ටෙක්සාස් හි Marathon Skypark නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ ඇති දුරේක්ශයන් යොදාගනිමින් ලබාගෙන ඇති මෙම ඡායාරූපය නිර්මාණය සදහා පැය 20 කට අධික කාලයක exposure එකක් අවශ්‍ය වී තිබේ. ඔරියන් නෙබියුලාවේ විශාලත්වය ආලෝක වර්ෂ 1500 ක් පමණ වන බව ගණනය කර ඇත.
Orion (constellation)
Messier 42 (The Orion Nebula)
marathon Skypark Observatory
Last edited: