අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන්නේ Chamaeleon නම් තාරකා රාශියේ දකුණු දෙසට වන්නට පිහිටා තිබෙන නෙබියුලාවන් ඡායාරූපයට හසුකරගත් මොහොතකුයි. ඕස්ට්‍රේලියාවේ, නිව්සවුත් වේල්ස් හි පිහිටා තිබෙන Heaven's Mirror නම් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ උපකරණ භාවිතා කර හසුකරගත් මෙම ඡායාරූපය ලබාගැනීමට පැය 4 කට අධික exposure කාලයක් ගත වී ඇති බව ද සදහන් වනවා. දැවැන්ත ධූලි වළා හා වායු වලින් සැදුම් ලත් මෙහි Hassat eagle, possun Talon, Thumbprint, moa යන නෙබියුලාවන්ට අමතරව Beta Chamaeleontis හා epsilon Chamaeleontis යන තාරකා ද්විත්වයත් IC 3104 (Moa's egg) නමින් හදුන්වන මණ්දාකිනියත් දර්ශනය කර ගත හැකියි.
නම් කරන ලද ඡායාරූපය:
Chamaeleon constellation
