පෘථිවියේ සිට ආලෝක වර්ෂ 554.5 ක් දුරින් වන්නට ඇති, Scorpius තාරකා රාශියේ පිහිටා තිබෙන "Antares" නම් තාරකාවත්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 358.8 ක් පමණ දුරකින් පිහිටා තිබෙන "Rho Ophiuchi" බහු තාරකා පද්ධතියත් දැවැන්ත ධූලි වළාවන් අතරින් ඉතාමත් වර්ණවත් ලෙස දිස්වන ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. "Reflection nebula" එනම් තමා විසින්ම ආලෝකය නිපදවාගැනීමක් සිදු නොකර යාබද තාරකාවන්ගෙන් ලැබෙන ආලෝකය පරාවර්ථනය කිරීම මගින් දීප්තිය උපදවා ගන්නා නිහාරිකාවක් අසල මෙම තාරකාවන්ගේ පිහිටීම සිදුවී ඇති හෙයින් මෙම වර්ණවත් දීප්තිය හටගෙන තිබේ. ඡායාරූපයේ "Antares" තාරකාව පිහිටි ප්රදේශයට ඉහළින් "M4" නැතහොත් "Messier 4" යනුවෙන් හදුන්වන තරු පොකුරද දැකගත හැකිය.
නම් කරන ලද ඡායාරූපය
Reflection nebula