"The Mare Orientale" එනම් ලතින් භාෂාවෙන් පෙරදිග මුහුද (Eastern Sea) ලෙස හදුන්වන, චන්ද්‍රයාගේ මතුපිට පවතින අතිවිශාල පහත් බිම් ප්‍රදේශය (ඡායාරූපයේ උඩම කෙළවරේ දැක්වෙන අදුරු පැහැ ප්‍රදේශය) දැක්වෙන ඡායාරූපයක් අද දිනයේ, දවසේ ඡායාරූපය ලෙස නාසා ආයතනය විසින් තෝරාගෙන තිබේ. චන්ද්‍රයාගේ අදුරු පැත්ත හා පෘථිවිය දෙසට මුහුණලා තිබෙන පැත්තත් අතර බටහිර සීමාවට වන්නට පිහිටා ඇති මෙම ප්‍රදේශය අවුරුදු බිලියන 3 කට පෙර සිදුවූ උල්කාපාත ගැටීමක ප්‍රථිපලයක් හේතුවෙන් නිර්මාණය වී ඇති බව තාරකා විද්‍යාඥයන්ගේ මතය බවට පත්වී තිබේ. කිලෝමීටර 1000 ක පමණ වපසරියක් පුරා විහිදී පවතින මෙම ප්‍රදේශය පෘථිවියේ සිට නිරීක්ශනය කිරීමට ඉතාමත් අපහසු ප්‍රදේශයක් ලෙස සලකයි.
Mare Orientale