🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 07 - 'NGC 6188' විමෝචන නිහාරිකාව ('Ara' තාරකා රාශියෙහි සිටිනා සටන් වදින මකරුන්) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    nvexcIu.jpg


    සටනක නිරත් වෙමින් සිටින මකරුන් රංචුවක් ආකාරයේ ස්වරූපයක් ගන්නා (Fighting Dragons of Ara ලෙස හදුන්වන) දීප්තිමත් වායු හා දූවිලි වලින් ගහණ වූ විමෝචන නිහාරිකාවක් (emission nebula) වන 'NGC 6188' හි ලබාගත් මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000 ක් ඈතින් 'Ara'(The Altar) නම් දකුණු තාරකා රාශියෙහි (southern constellation) ඇති 'large molecular cloud' නමින් හදුන්වන අණුක වළාවෙහි (දෘශ්‍ය තරංග ආයාමයන්හීදී මෙම අණුක වළාව දර්ශනය නොවේ) මායිම අසලට වන්නට මෙම 'NGC 6188' විමෝචන නිහාරිකාව පිහිටා තිබේ. මෙම 'Ara'තාරකා රාශිය සමග එකට බැදී පවතින "OB1 association" නමින් හදුන්වන ඔරායන් (Orion) තාරකා රාශියට අයත් වූ තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව 'O' හා 'B' කාණ්ඩයන්ට අයත් වන අධික උෂ්ණත්වයකින් යුක්ත වූ දැවැන්ත තාරකාවන් සංචිතයෙහි බිහිවීම මීට අවුරුදු මිලියන ගණනකට පෙර සිදුවී ඇත්තේ මේ කලාපයේදී වන අතර එහිදී මෙම ඡායාරූපය මගින් දිස්වන අදුරු හැඩයන්ගෙන් යුක්ත වූ ප්‍රදේශයන් නිර්මාණය කිරීමත්, තාරකා සුළං (stellar winds)හා පාරජම්බුල කිරණ ( intense ultraviolet radiation) මගින් නිහාරිකාවට දීප්තිය ලබාදීමත් සිදුවී ඇත.

    මෑතකදී මෙම කලාපයෙහි සිදුවූ නව තාරකාවක බිහිවීම ( recent star formation) සදහා තාරකා සුළංවල බලපෑම මෙන්ම මෑත කාලීම පරම්පරාවකට අයත් වූ දැවැන්ත තාරකාවක සිදුවූ දැවැන්ත සුපර්නෝවා පිපිරීමක් මගින් එම කලාපය තුළ වූ අණුක වායූන් (molecular gas) මත ඇතිකළ සම්පීඩනය මගින් ඇතිකළ බලපෑම හේතු වී තිබේ. 'NGC 6188' විමෝචන නිහාරිකාවට අමතරව ඡායාරූපයෙහි පහළ දකුණු කෙළවරට වන්නට දිස්වන දුර්ලභ ගණයේ විමෝචන නිහාරිකාව ලෙස සැලකෙන 'NGC 6164' නම් විමෝචන නිහාරිකාව පිහිටා තිබෙන ආකාරය නිරීක්ශනය කළ හැකි අතර මෙම කලාපයෙහි ඇති, තාරකා වර්ණාවලි වර්ගීකරණයට අනුව 'O' කාණ්ඩයට අයත් වන (O-type stars) දැවැන්ත තාරකාවකගේ බිහිවීම ද මෙම විමෝචන නිහාරිකාව තුළදී සිදුවී ඇත. "Planetary nebula" ගණයට අයත් වන මෙම 'NGC 6164' විමෝචන නිහාරිකාවෙහි පහළ කෙළවරට වන්නට පිහිටා තිබෙන, සමමිතික වායුමය ආවරණයකින් හා දුර්වල, බොද වූ ආකාරයෙන් දිස්වන රැස් වළල්ලකින් වටවී ඇති දීප්තිමත් මධ්‍ය තාරකාව මෙහිදී දැකගත දැක. අවසාන වශයෙන් මෙම ඡායාරූපය, ආලෝක වර්ෂ 150 ක් පුරා විහිදී ඇති කලාපයකට අයත් වන දෘෂ්ටි ක්ෂේත්‍රයක් ආවරණය කරමින් ලබාගෙන ඇති බවද මෙහිදී සදහන් කළ යුතුය.


    Image Credit & Copyright: Shaun Robertson

    Ngc6188_Robertson_2000.jpg





    NGC 6188

     

    Similar threads