මෙයින් දැක්වෙන අසාමාන්‍ය ආකාරයේ රේඛාවන් මොනවාද? සාගරයේ නැව් ගමනාගමන කටයුතු සිදුවන නාවික මාර්ගයන්හි නෞකාවන් ගමන් කිරීමේදී ඒවායේ එන්ජින් ක්‍රියාත්මක වීමේදී ඒතුළ නිපදවන පිටාර වායූන් නැවේ ඇති දුම්බට (engine exhaust) මගින් පිටකිරීම සිදු කිරීමේදී එම පිටාර වායූන් තුළ අඩංගු වී ඇති 'aerosols' නමින් හදුන්වන කුඩා ජල අංශු, සාගර වාතය තුළ අඩංගු ජල අණු මගින් උකහා ගැනීම සිදු කරන අතර එවා ඉහළට යත්ම සිදුවන ඝනීභවනය හේතුවෙන් මෙම ඡායාරූපය මගින් දිස්වන රේඛාවන් ආකාරයේ වළාකුළු නිර්මාණය වීම සිදුවේ. මේ ආකාරයෙන් නිර්මාණය වන වළාකුළු 'Ship tracks' නමින් හදුන්වන අතර මෙම වළාකුළුවලට කාර්යක්ෂම ලෙස සූර්යාලෝකය පරාවර්ථනය කිරීමේ හැකියාව ද පවතී. ප්‍රථම වරට මෙම 'Ship tracks' වළාකුළු සොයාගන්නා ලද්දේ, 1965 වසරේදී නාසා ආයතනයට අයත් 'TIROS' නම් චන්ද්‍රිකාවන් (TIROS satellites) විසින් ලබාගන්නා ලද ඡායාරූපයන් මගිනි.
මෙහි දක්වා ඇති ඡායාරූපය, 2009 වසරේදී නාසා ආයතනයට අයත් 'Terra' චන්ද්‍රිකාවෙහි (Terra satellite) ඇති 'MODIS' නම් උපකරණය මගින් ලබාගත් ඡායාරූපයක් වන අතර මෙමගින් පැසිපික් සාගරයට ඉහළින් දිස්වූ 'Ship tracks' රාශියක් නිරූපණය වේ. මෙම 'Ship tracks' අනුව යමින්, ලොව වටා සාගරයන්හි දියත් කරන ලද පාවෙන බෝයාවන් (buoys) ජාලයක් යොදාගෙන මුහුදු ජලය අඩංගු 'salt-aerosol' වාතයට මුදාහැරීම මගින්, සුළගේ උපකාරය ද ඇතිව හිරු එළිය පරාවර්තනය සිදු කරන වලාකුළු සමූහයන් නිර්මාණය කළ හැකි ක්‍රමයක් විද්‍යාඥයන් විසින් යෝජනා කර හිබෙන අතර මෙම මිනිසා විසින් නිර්මාණය කරන ලද වළාකුළු යොදාගෙන සූර්යාලෝකය විශාල වශයෙන් පරාවර්ථනය සිදු කිරීම මගින් ගෝලීය උණුසුම ඉහළ යාම (global warming) අවම කිරීමට ඇති හැකියාව පිළිබදව සොයාබැලීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබේ.
Image Credit: NASA, Terra, MODIS; Text: Raymond Shaw (MTU)
Ship tracks