🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 12 - සඳ මත දිස්වන මිනිස් මුහුණ (Lunar pareidolia) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,001
    113
    nvexcIu.jpg


    මිනිස් මුහුණක ස්වභාවය ගත් රටාවක් චන්ද්‍රයාගෙන් දිස්වන සේයාවක් නිරූපණය වන මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ස්වාභාවික පරිසරයේ ඇති කිසියම් වස්තුවක්, සංකේතයක් හෝ රටාවක්, ඊට අදාළ නොවන වෙනත් වස්තුවක් මත තිබෙන අයුරකින් දිස්වීමේ සංසිද්ධියක් මෙම ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන අතර මෙවැනි රටාවන් දිස්වීම 'pareidolia' ලෙස හදුන්වනු ලබයි. සඳ මත දිස්වූ අපූරු රටාවන් හා සංකේත පිළිබදව තොරතුරු නූතන බටහිර ශිෂ්ඨාචාරයෙහි පමණක් නොව ලොව පුරා රටවල එන ජනකතාවන්හී ද සදහන්ව ඇති ආකාරය ඉතිහාසය පුරාම දැකගත හැකිය.මේවා අතර සඳ මත දිස්වූ කාන්තාවක්ගෙ රූපය (Woman in the Moon) හා හාවෙකුගේ රූපය (Rabbit in the Moon) යන රූපයන් සදහන් කළ හැකි අතර මේවා දිස්වීම සිදුවූයේ චන්ද්‍රයා පිහිටි දිශානතිය අනුවය. මෙම ඡායාරූපයෙන් දිස්වන මිනිස් මුහුණේ ඇස් ආකාරයෙන් දිස්වන ප්‍රදේශයන්, චන්ද්‍රයා මත පිහිටා තිබෙන පාෂාණමය තැනිතලා බිම් වන "lunar maria/ Lunar mare" මගින් නිරූපණය වේ. 2016 වසරේදී ස්පාඤ්ඤයේ, මැඩ්රිඩ් නගරයට අයත් 'Cadalso de los Vidrios' නම් ප්‍රදේශයේදී ගනු ලැබූ මෙම ඡායාරූපයෙහි ග්‍රැනයිට් පර්වතයක් මත සිට දුරේක්ෂයක් භාවිතා කරමින් සිටින නිරීක්ශ්කයෙකුගේ අදුරු ඡායාවද චන්ද්‍රයාට ඉදිරියෙන් දිස්වන ආකාරය නිරීක්ශනය කළ හැක.


    Image Credit & Copyright: Dani Caxete

    ManInMoon_Caxete_2770.jpg




    මිනිස් මුහුණේ රූපය වඩාත් පැහැදිලිව දක්වා ඇති ඡායාරූපය

    ManInMoon_Caxete_1080_annotated2.jpg





    Pareidolia

     
    Last edited:

    Similar threads