'Whirlpool Galaxy' නැතහොත් M51, 'Messier 51' හා 'NGC 5194' යන නම්වලින් හදුන්වන අපූර්ව සර්පිල මන්දාකිණියෙහි (spiral galaxy) ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31 ක් ඈතින්, 'Canes Venatici' (Hunting Dogs) නම් තාරකා රාශියෙහි පිහිටා තිබෙන මෙම සර්පිල මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 60 000 ක පමණ අගයක් ගනී. හබල් දුරේක්ශය (Hubble Space Telescope) මගින් වෙනස් වූ වර්ණයන්ට අනුව ගනු ලැබූ ඡායාරූපයන් කීපයක්, ඩිජිටල් මාධ්‍යය භාවිතා කරමින් සංයෝජනය කිරීම මගින් මෙම ඡායාරූපය නිර්මාණය කර ඇති අතර මෙමගින් මන්දාකිණියෙහි වූ විශේෂ ලක්ෂණයන් පැහැදිලිව මතු කරලීමට සමත් වී ඇත.
'Canes Venatici' තාරකා රාශියට අයත් වන 'M51 Group' නමින් හදුන්වන මන්දාකිණි සමූහය අතර ඇති ප්‍රමුඛතම මන්දාකිණිය ලෙස හදුන්වන මෙම 'Whirlpool Galaxy' හි පවතින සර්පිල ව්‍යුහය සදහා මෙම ඡායාරූපයෙහි වම්පසට වන්නට දිස්වන කුඩා මන්දාකිණිය සමග පවතින ගුරුත්වාකර්ශන අන්තර්ක්‍රියාවන් හේතු වී ඇති බවට තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මෙම 'Whirlpool' සර්පිල මන්දාකිණිය මුල්වරට සොයාගනු ලැබුවේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ 'Charles Messier' විසිනි, ඒ 1773 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වන දිනයි. තාරකාවන් බිලියන 100 කට වඩා ප්‍රමාණයක් මෙම 'Whirlpool' මන්දාකිණිය තුළ පිහිටා තිබෙන අතර මන්දාකිණියේ වයස වසර මිලියන 400.3 පමණ වේ.
Image Credit: NASA, ESA, Hubble, HLA; Processing & Copyright: Bernard Miller
Whirlpool Galaxy (Messier 51)
Last edited: