🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 16 - චීනයට දිස්වූ 'සුපිරි සඳ' (Strawberry Supermoon) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    nvexcIu.jpg


    2022 වසරේදී සුපිරි සඳවල් (Supermoons) 4 ක් දිස්වීම සිදුවේ. සුපිරි සඳ යනුවෙන් හදුන්වන්නේ සඳ පෘථිවිය වටා ගමන් ගන්නා කක්ෂයේ පෘථිවියට ආසන්නම ලක්ෂ්‍යයෙන් (මෙම ආසන්නම ලක්ෂ්‍යය 'perigee' ලෙස හදුන්වයි) ගමන් ගන්නා අවස්ථාව වන අතර අවම වශයෙන් මෙම 'perigee' ලක්ෂ්‍යයට 90% ක පමණ ප්‍රමාණයකින් ආසන්න වූ අවස්ථාවේදී වෙනදාට වඩා විශාල අයුරින් සුපිරි සඳ දර්ශනය වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මෙම වසරේ මැයි 16 හා ජූනි 14 යන දිනවලදී මෙම සුපිරි සඳ දර්ශනය වීම සිදුවූ අතර මීලගට සුපිරි සඳ දර්ශනය වීමට නියමිතව ඇත්තේ ජූලි 13 හා අගෝස්තු 13 ත් යන දිනවලදීය. නමුත් මෙම සුපිරි සඳත්, සාමාන්‍යයෙන් දිස්වන පූර්ණ චන්ද්‍රයාත් අතර ඇති දීප්තිය හා විශාලත්ව වෙනස නොගැනිය හැකි තරම් කුඩා වන බැවින් පියවි ඇසින් එය නරඹන නිරීක්ශකයෙකුට ඇතැම්විට එම වෙනස හදුනාගැනීම අපහසු විය හැකිය.

    පසුගිය ජුනි 14 වනදා දිස්වූ උතුරු අර්ධගෝලයට අයත් රටවල සිටින ආකාශ නිරීක්ශකයන් විසින් "Strawberry Supermoon" නමින් හදුන්වන සුපිරි සඳ හා එය දිස්වූ ආකාසයත් නිරූපණය කරමින්, කැමරා කාචය ද්විතව නිරාවරණයන්ට (Two exposures) ලක් කරමින් ගනු ලැබූ මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ චීනයේ, 'Chongqing' නම් නගරයේදීය. අඛණ්ඩ වූ කෙටි හා දිගු නිරාවරණයන්ට කැමරා කාචය ලක් කිරීම හේතුවෙන් හිරු එළිය මගින් දීප්තිමත්ව ඇති චන්ද්‍රයාගේ මුළු පෘෂ්ඨයත්, චන්ද්‍රයා වටා ඇති රැස්වළල්ලත් (lunar corona ලෙස හදුන්වන මෙය සිංහල භාෂාවේදී සඳ මඩල ලෙස හදුන්වයි) වායුගෝලීය වලාකුළුවලින් ආවරණය කොටගෙන තිබෙන ආකාසයත් මෙම ඡායාරූපය මගින් පැහැදිලිව දැකගත හැකිය.


    Image Credit & Copyright: Jeff Dai (TWAN)

    StrawberrySupermoonfromChina.jpg





    Amazing photos of the Strawberry supermoon of 2022 from around the world




     

    Similar threads