🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 03 - විනාශය උරුම කරගත් අඟහරු ග්‍රහයාට අයත් චන්ද්‍රයා "Phobos" (Doomed Moon of Mars) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,136
    113
    nvexcIu.jpg


    අඟහරු ග්‍රහයා හදුන්වන්නට "Mars" යන වදන යොදාගන්නේ රෝම පුරාවෘත්තයන්හි එන යුද්ධයට අධිපති දෙවියන් සිහිකිරීම සදහාය. මෙම අඟහරු ග්‍රහයාට උපග්‍රහයන් එනම් චන්ද්‍රයන් දෙදෙනෙකු අයත් වන අතර ග්‍රීක පුරාවෘත්තයන්ගේ සදහන් වන බිය සහ සංත්‍රාසයට අධිපති දෙවිවරුන් සිහි කිරීමේ අරමුණින් එම චන්ද්‍රයින් දෙදෙනා 'Phobos' සහ 'Deimos' ලෙස හදුන්වනු ලබයි. එම චන්ද්‍රයන් දෙදෙනා අතරින්, අරය කිලෝමීටර 11.267 ක් (11.267 km) හා ස්කන්ධය 10.6 × 1015 kg වන වඩා විශාල චන්ද්‍රයා වන "Phobos" චන්ද්‍රයාගේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම අඟහරුට අයත් චන්ද්‍රයන්ගේ උපත අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන් අතර පවතින 2.2 - 3.2 AU (AU - Astronomical Units) ක පමණ විශාලත්වයකින් යුතුවන "Asteroid belt" නමින් හදුන්වන උල්කාපාතයන් හා ග්‍රාහකයන්ගෙන් ගහණව පවතින කලාපයේ සිට පැමිණි ග්‍රාහකයක් මගින් සිදුවී ඇති බවට හෝ ඇතැම් විට අප සෞරග්‍රහ මණ්ඩලයෙහි ඈත කොණක සිට පැමිණි උල්කාපාතයන් හේතුවෙන් සිදුවන්නට ඇතිබවත් අනතුරුව ඒවා අඟහරු ග්‍රහයාගේ ගුරුත්වයට හසුවීම සිදුවන්නට ඇතිබවත් විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

    බැලූ බැල්මට ග්‍රාහකයක ස්වරූපය ගත් "Phobos" චන්ද්‍රයාගේ මෙම අපූරු වර්ණ ඡායාරූපය, නාසා ආයතනයට අයත් "Mars Reconnaissance Orbiter" නම් අභ්‍යවකාශ යානය මගින් ලබාගත්තක් වන අතර මෙම යානයේ පවතින කැමරාවට මීටර් 10 ක් පමණ වූ ද්‍රව්‍යයන් පවා හසුකර ගැනීමේ හැකියාව පවතී. පෘථිවි චන්ද්‍රයා මෙන් නොව අඟහරු ග්‍රහයාට ඉතා ආසන්නයෙන් පවතින, එනම් කිලෝමීටර 5800 ක් පමණ ආසන්නයෙන් පිහිටා ඇති "Phobos" චන්ද්‍රයාගේ (පෘථිවියේ සිට පෘථිවි චන්ද්‍රයාට පවතින දුර 384 400 km වේ) එම පිහිටීමට අඟහරු ග්‍රහයා මගින් "Phobos" චන්ද්‍රයා මත ඇති කරන උදම් බලවේගයන් (tidal forces)මගින් හටගන්නා පහළට ඇද ගැනීමේ බලය හේතු වී ඇත. මේ ආකාරයෙන් පැවතුණ ද තවත් වසර මිලියන 50 ක් ගත වූ පසු "Phobos" චන්ද්‍රයා, අඟහරු ග්‍රහයාගේ පවතින මෙම උදම් බලවේග හේතුවෙන් අඟහරු පෘෂ්ඨය මතට කඩා වැටෙනු ඇති බවට විද්‍යාඥයන් විසින් මත පළ කර සිටින අතර මේ හේතුව නිසා විනාශ වූ සඳ එනම් "Doomed Moon" යන අනුවර්ථ නාමය "Phobos" චන්ද්‍රයාට ලැබී තිබේ.


    Image Credit: HiRISE, MRO, LPL (U. Arizona), NASA

    Phobos_MRO_3374.jpg





    Phobos (moon)




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,136
    113
    Phobos වෙතට යවපු රුසියන් probe එකකට ufo එකකින් ගහල විනාස කරල දාපු සීන් එකක් තියෙනව නේද?
    එහෙම සිද්ධියක් නම් අහලා තියෙනවා තමයි. ඕවයෙ ඉතින් ඇත්ත නැත්ත ගැන නම් ලොකු අවබෝධයක් නෑ. හුගක් විස්තර conspiracy theories වෙන්නත් පුළුවන්. :yes:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එහෙම සිද්ධියක් නම් අහලා තියෙනවා තමයි. ඕවයෙ ඉතින් ඇත්ත නැත්ත ගැන නම් ලොකු අවබෝධයක් නෑ. හුගක් විස්තර conspiracy theories වෙන්නත් පුළුවන්. :yes:

    ඔව් එහෙම වෙන්න ඕන. පොඩ්ඩක් හොයල බලන්න ඕන ඒ සිද්ධිය. සෝවියට් කේස් එකක් නිසා ගොඩක් විස්තර නැතුවත් ඇති

    main-qimg-c4b535bcac391e15d55628d6f75ee428-lq
     

    Similar threads