🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 04 - "Devil's Saddle" (යක්ෂයාගේ සෑදලය) නම් කඳු ශිඛරය අතරින් දිස්වූ "Strawberry Supermoon" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,009
    113
    nvexcIu.jpg


    ක්ෂිතිජය ආසන්නයේදී සාමාන්‍යයෙන් චන්ද්‍රයා දිස්වන්නේ වඩා විශාලව හා පිම්ඹුණු ස්වරූපයක් ගන්නා දෘෂ්ටි මායාමය (Moon illusion) ස්වරූපයකිනි. නමුත් දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති මෙම අපූරු "time-lapse" ඡායාරූපය මගින් නිරූපණය කරන චන්ද්‍රයාගේ කෝණික විශාලත්වය (angular size) චන්ද්‍රයා ආකාසයෙහි උදාවන මොහොතේ හා ආකාසයෙහි පායා ඇති මොහොතේත්, එකිනෙකට නොවෙනස් වූ ප්‍රමාණයකින් දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැක. නමුත් තත්පර 60 ක කාල සීමාවකට වරක් ලබාගත් රූපරාමු උපයෝගී කොට ගෙන නිර්මාණය කළ මෙම "time-lapse" ඡායාරූපයෙහි චන්ද්‍රයාගේ වර්ණය ක්‍රමයෙන් වෙනස් වන ආකාරය දැකගත හැකිය. ඉතාලියට අයත් "Sardinia" නම් දූපතෙහි අගනුවර වූ "Cagliari" හි පිහිටා තිබෙන අඩ සඳක හැඩය ගත් කදු බෑවුමකින් යුක්ත වන "Devil's Saddle" (යක්ෂයාගේ සෑදලය) නමින් හදුන්වන කදු ශිඛරය අතරින් පායා ආ "Strawberry Supermoon" යනුවෙන් හදුන්වන, ජුනි මාසයෙහි වඩා විශාලව දිස්වන චන්ද්‍රයාගේ අපූරු දසුනක් මෙම ඡායාරූපය මගින් නිරූපණය කරනු ලබයි.

    පසුගිය ජුනි මාසයෙහි පසලොස්වක දිනය යෙදී තිබූ 14 වනදාට පසුදිනයේදී කැමරාවට හසුකරගත් මෙම අපූරු ඡායාරූපය තුළින් පෘථිවියෙහි පවතින ඝන හා දූවිලිවලින් ගහණ වූ වායුගෝලය මගින් චන්ද්‍රයා දිස්වන වර්ණයට කර ඇති බලපෑම පිළිබිඹු වන අතර මෙහිදී චන්ද්‍රයාගේ වර්ණය ස්ට්‍රෝබෙරි රතු (strawberry red) පැහැයේ සිට ක්‍රමයෙන් ලා කහපැහයෙන් යුක්ත වූ වර්ණයකට පරිවර්තනය වී ඇති ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම වර්ණය වෙනස්වීමේ සංසිද්ධිය ජුනි මාසයෙහි උත්තර ධ්‍රැවයෙහි පිහිටි රටවලට දර්ශනය වන "Strawberry Supermoon" නැතහොත් "Honey Moon" නමින් හදුන්වන චන්ද්‍රයාට පොදු වූ ලක්ෂණයක් ලෙස සලකනු ලබයි. මේ අතර "Strawberry Supermoon" ඇතුළුව "Supermoon" අවස්ථා 4 ක් මෙම වර්ෂයේදී දර්ශනය වීම සිදුවන අතර වසරේ දිස්වන තුන්වන "Supermoon" අවස්ථාව ජූලි මාසයෙහි 13 වනදාත්, (මෙම වසරේ ප්‍රථම " Supermoon" අවස්ථාව වූ "Super Flower Blood Moon" පසුගිය මැයි 16 වනදා සිදු විය) වසරේ අවසන් " Supermoon" අවස්ථාව එලඹෙන අගෝස්තු 12 වනදාත් දර්ශනය වීමටත් නියමිතව තිබේ.


    Image Credit & Copyright: Lorenzo Busilacchi

    StrawberryMoonRise_Busilacchi_6720.jpg





    Strawberry Moon: Full Moon in June 2022

    Amazing photos of the Strawberry supermoon of 2022 from around the world

     
    Last edited:

    Similar threads