මන්දාකිණි පොකුරු මගින් ඒවාට පිටුපසින් පිහිටා ඇති තවත් මන්දාකිණියක් සගවා ගැනීම සිදු කිරීම අසීරු කාර්යයකි. එම මන්දාකිණි පොකුරු අතරින් ආසන්නයෙන්ම පවතින මන්දාකිණි පොකුරෙහි වූ ගුරුත්වය දැවැන්ත කාචයක් ලෙස ක්‍රියාකරන අතර එමගින් ඉතා ඈතින් පිහිටි මන්දාකිණියන්ගේ රූපයන් විශාල වූ ආකාරයෙන් ලබා ගැනීම සිදු කරන්නේ ඒවා එම කාචය වටා දිවෙන, විශාල හා විකෘති වූ ආකාරයෙන් දිස්වන රූපයන් ලෙසය. මෙවැනි ආකාරයේ අපූරු සංසිද්ධියක් පහත දැක්වෙන මෑතකදී නැවත සකස් කරන ලද හබල් දුරේක්ෂීය ඡායාරූපයෙන් (Hubble Space Telescope) නිරූපණය වන අතර මන්දාකිණි රාශියකින් සමන්විත වූ "GAL-CLUS-022058c" නම් වූ මෙහි දැක්වෙන මන්දාකිණි පොකුර සහ එමගින් ඇතිකරන ගුරුත්ව කාච ආචරණය (Gravitational lensing) හේතුවෙන් පසුබිමින් වූ කහ-රතු පැහැයෙන් දිස්වන මන්දාකිණිය, චාපයන් (arcs) ආකාරයෙන් ඡායාරූපයෙහි මධ්‍යයය වටා පිහිටා තිබෙන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැක.
මෙහි පවතින අසාමාන්‍ය හැඩය හේතුවෙන් මෙය "Molten Einstein ring" (ගුරුත්වාකර්ෂණ කාච ආචරණය හේතුවෙන් දුරස්ථ මන්දාකිණියක විකෘති වී දිස්වන රූපය) ලෙස හදුන්වන අතර මෙහි වූ විකෘති ආකාරයේ ස්වභාවයක් ගන්නා රූපයන් 4 න් දිස්වන පසුබිම් මන්දාකිණි (background galaxies), මන්දාකිණි කීපයක් නොව එකම මන්දාකිණියකට අයත් ඒවා බවට මේ වනවිට සොයාගෙන තිබේ. සාමාන්‍යයෙන් ඉදිරියෙන් පවතින මන්දාකිණි පොකුරට මේ ආකාරයේ සුමට වූ චාපයන් නිර්මාණය කිරීමට හැකි වන්නේ එහි වූ ස්කන්ධය සුමටව ඒ මත බෙදාහැරීම සිදුවූ විට වන අතර එමනිසා එය සුමටව සිදු නොවුනහොත් ඒවා මන්දාකිණි පොකුරු තුළ එක්තැන්ව පවතින ආකාරයෙන් දර්ශනය වීම සිදු නොවේ. මෙවැනි ආකාරයේ ගුරුත්ව චාපයන්ගේ (gravitational arcs) පිහිටීම් අධ්‍යයනය කිරීම මගින් මන්දාකිණි පොකුරු තුළ අදුරු පදාර්ථය (dark matter) බෙදාහැරීම සිදුවී ඇති ප්‍රමාණය ගණනය කළ හැකි හා එම මන්දාකිණි තුල වූ තාරකාවන්ගේ බිහිවීම ආරම්භ වූ කාලසීමාවන් ගණනය කළ හැකි ක්‍රමයක් ගොඩනැගීමට ද තාරකා විද්‍යාඥයන් විසින් සමත් වී තිබේ.
Image Credit: ESA/Hubble & NASA, S. Jha; Processing: Jonathan Lodge
Molten Einstein ring
Einstein ring