පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000 ක් ඈතින්, 'Draco'නම් උතුරු තාරකා රාශියේ (northern constellation of Draco) පිහිටා තිබෙන මිය යමින් පවතින තාරාකාවක් විසින් දැවැන්ත කවචයන් ආකාරයෙන් දිදුළන වායූන් පිට කරමින් සිටී. මේ හේතුවෙන් නිර්මාණය වූ "planetary nebulae" ගණයට අයත් වන නිහාරිකාවක් වන "Cat's Eye Nebula" නැතහොත් "NGC 6543" හා "Caldwell 6" යන අනුවර්ථ නාමයන්ගෙන් ද හදුන්වනු ලබන නිහාරිකාවේ මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම "Cat's Eye" නිහාරිකාව ඉතා සංකීර්ණ ව්‍යුහයක් ලෙස සලකන අතර මෙම නිහාරිකාවේ මධ්‍යයයේ පවතින දීප්තිමත් වස්තුව "ද්විමය තාරකා පද්ධතියක්" (binary star system) විය හැකි බවට තාරකා විද්‍යාඥයන් විසින් විශ්වාසය පළ කරයි.
"Planetary nebula" ගණයේ නිහාරිකාවන් කුඩා, සරල දුරේක්ශයන් මගින් නිරීක්ශනය කරා විට වෘත්තාකාර වූ ග්‍රහලෝකයන් ආකාරයෙන් දිස්වන අතර ඉහළ විභේදන බලයක් ඇති විශාල දුරේක්ශ මගින් මෙම නිහාරිකාවන් නිරීක්ශනය කරන විට එය නිර්මාණය වීමට හේතුවූ පරිණාමයේ ( stellar evolution - තාරකා පරිණාමය) අවසන් අදියරෙහි පසුවන එනම් මියයමින් පවතින තාරකාව විසින් කෝෂයන් ආකාරයෙන් පිට කරන්නා වූ වායූ වළාවන්ගෙන් (cocoons of gas) එම තාරකාව වටවී පවතින ආකාරය නිරීක්ශනය කළ හැකිය. මේ අයුරින් මෙම "Cat's Eye" නිහාරිකාවෙහි වූ සවිස්තරාත්මක ව්‍යුහය අධ්‍යයනය කිරීම මගින් අපගේ සූර්යයාගේ අනාගත ඉරණම එනම් තවත් වසර බිලියන 5 කින් සූර්යයාගේ තමන්ගේ පර්ණාමයේ අවසන් අදියරට සම්ප්‍රාප්ත වීමත්, අවසානයේ ග්‍රහමය නිහාරිකාවක් බවට පත්වීමේ පළමු අදියරට (planetary nebula phase) අවතීර්ණ වීම සිදුවීමත් යන සංසිද්ධීන් පිළිබදව මනා අවබෝධයක් ලබා ගැනීම තාරකා විද්‍යාඥයන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී තිබේ.
සුවිශේෂ කරුණු
"Cat's Eye" නිහාරිකාවේ අරය ආලෝක වර්ෂ 0.2 ක් වන අතර ජර්මනියේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයකු වූ විලියම් හර්ෂල් මහතා (Frederick William Herschel) විසින් 1786 වර්ෂයේ පෙබරවාරි මස 15 වන දින ප්‍රථම වරට මෙම "Cat's Eye" නිහාරිකාව සොයාගෙන තිබේ.
Credit: NASA, ESA, Hubble, HLA; Reprocessing & Copyright: Raul Villaverde
Cat's Eye Nebula (NGC 6543)
Last edited: