රාත්‍රී අහස් කුසෙහි බටහිර ක්ෂිතිජය දෙසට වන්නට මනරම් ව දිස්වන චන්ද්‍රයා හා අනෙක් පසට වන්නට දීප්තිමත්ව දිස්වන බ්‍රහස්පති ග්‍රහයාත්, " Galilean moons" ලෙස හදුන්වන බ්‍රහස්පතිට අයත් විශාලතම උපග්‍රහයන් සිව්දෙනා වන Ganymede, Io, Europa, හා Callisto යන උපග්‍රහයන් බ්‍රහස්ප්ති වටා එයට ආසන්නයෙන් පිහිටා තිබෙන ආකාරය දිස්වෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම ඉහත සදහන් කළ බ්‍රහස්පතිගේ උපග්‍රහයන් අතරින් "Callisto"උපග්‍රහයා අපගේ චන්ද්‍රයාට වඩා විශාලත්වයෙන් වැඩි අතර "europa" උපග්‍රහයාගේ විශාලත්වය අපගේ චන්ද්‍රයාගේ ප්‍රමාණයට වඩා මදක් අවම අගයක් ගනී.
බ්‍රහස්පතිගේ විෂ්කම්භය -139,820 km
පෘථිවියේ විෂ්කම්භය - 12,742 km
Ganymede'හි විෂ්කම්භය - 5,268.2 km
Io'හි විෂ්කම්භය - 3,643.2 km
Europa'හි විෂ්කම්භය - 3,121.6 km
Callisto'හි විෂ්කම්භය - 4,820.6 km
චන්ද්‍රයාගේ විෂ්කම්භය - 3,474.8 km
මෙම ඡායාරූපය මෙම වසරේ පෙබරවාරි මස 02 වන දින මෙක්සිකෝවේ, Cancun නම් ප්‍රදේශයේදී ලබාගෙන තිබේ.
The Galilean Moons of Jupiter
Last edited: