🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 23 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    152,999
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    සෙනසුරුට අයත් පස්වෙනියටම විශාල උපග්‍රහයා/චන්ද්‍රයා ලෙස සැලකෙන ද්‍රව අයිස්වලින් සම්පූර්ණයෙන් වැසී පවතින "Tethys" නම් උපග්‍රහයා (ඡායාරූපයේ සෙනසුරුට ඉදිරිපසින් ඇති කුඩා චන්ද්‍රයා) සෙනසුරුගේ සමීපයට වන්නට පිහිටා ඇති ආකාරය නිරූපණය වන ඡායාරූපයක් අද දිනයේ ඡායාරූපය ලෙස නාසා ආයතනය විසින් තෝරාගෙන තිබේ. 1997 වසරේදී සෙනසුරු ගවේශනය සදහා අභ්‍යවකාශ ගත කරන ලද Cassini අභ්‍යවකාශ යානය විසින් 2005 වසරේදී "Tethys" උපග්‍රහයා දැක්වෙන මෙම ඡායාරූපය ලබාගෙන ඇති අතර "Tethys" උපග්‍රහයා සෙනසුරුට 295 000 km පමණ දුරින් පිහිටි කක්ශයක, සෙනසුරුගේ වළලු වලට බාහිරට වන්නට පිහිටා තිබේ. 1684 වසරේදී ඉතාලි ජාතික තාරකා විද්යාඥ Giovanni Domenico Cassini විසින් පළමු වරට සොයාගත් මෙම චන්ද්‍රයාගේ විෂ්කම්භය 1,062 km වන අතර පෘථිවියේ සිට ඇති දුර කිලෝමීටර බිලියන 1.272 ක අගයක් ගනී.


    TethysRingShadow_cassini_1080.jpg



    Tethys (moon)


    Cassini–Huygens mission




     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,734
    113
    Colombo
    මිනිස්සු වෙන ලෝකවලට කඩා වැටෙන්න යානා යවනව වගේ පිටසක්වල ජීවීන් අපේ ලෝකෙට කඩා වැටෙන්න යානා එවනව වෙන්න බැරිද ?
     

    Similar threads