🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 05 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    "Aquarius" තාරකා රාශියේ පිහිටා ඇති සහජීවී තාරකාවක් වන (symbiotic star) "R Aquarii" විචල්‍ය තාරකාව (Variable star) සුවිශේෂි ස්වභාවයක් ගන්නා ද්විමය තරු පද්ධතියකට (binary star system) නිදසුන් සපයයි. සුදු වාමන (white dwarf) හා දැවැන්ත රතු තාරකාවක් (Mira Variable Type Red Giant star) අතර එකිනෙකට සහජීවී සබධතාවක් පවත්වාගෙන යාම "R Aquarii" නමින් හදුන්වන මෙම සහජීවී තාරකාව (symbiotic star) ප්‍රමුඛ කරගත් මෙම සහජීවී ද්විමය තාරකා පද්ධතියයේ (symbiotic binary star system) ඇති ප්‍රධානතම ලක්ශනය ලෙස හැදින්විය හැකියි. අභ්‍යවකාශය මත පදනම්ව භාවිතා කරන දෘශ්‍ය/x-ray තාක්ශනය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙම සං‍යුක්ත ඡායාරූපය (space-based optical/x-ray composite image) මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 710 ක් දුරින් පිහිටි මෙම "R Aquarii" විචල්‍ය තාරකාව ඇතුළත් සහජීවී ද්විමය තරු පද්ධතියේ ඇති අපූර්වත්වය මැනවින් විදහා දැක්වීමට සමත් වී ඇත. මෙම සහජීවී ද්විමය තාරකා පද්ධතියේ දීප්තිය නිරන්තරයෙන් වෙනස් වන අතර මේ ක්‍රියාවලියට වැඩි දායකත්වයක් සපයන්නේ දැවැන්ත රතු තාරකාවයි (red giant star). මින් සුදු වාමන තාරකාවේ උෂ්ණ්ත්වය, දැවැන්ත රතු තාරකාවට වඩා ඉතා අධික වන අතර එය උෂ්ණත්වය සෙල්සියස් අංශක් මිලියන ගණනකට සාපේක්ශව, සෙල්සියස් අංශක 2000 - 3000 වැනි ප්‍රමාණයක අතර අගයක් ගනී.


    archives_raquarii.jpg




    R Aquarii (R Aqr) variable star




     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,581
    6,129
    113
    ආලෝක වර්ෂ 710..
    එතකොට අපිට මේ දැන් එන්නේ අවුරුදු 710 කට කලි න් තිබ්බ විදියද? පොටෝ එක ගන්න යවපු බුවා ලගටම ගිහින්ද?? ඒ කියන්නේ අද එකක්ද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ආලෝක වර්ෂ 710..
    එතකොට අපිට මේ දැන් එන්නේ අවුරුදු 710 කට කලි න් තිබ්බ විදියද? පොටෝ එක ගන්න යවපු බුවා ලගටම ගිහින්ද?? ඒ කියන්නේ අද එකක්ද?
    ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ හබල් දුරේක්ශෙ භාවිතා කරලා.

    එතකොට අපිට මේ දැන් එන්නේ අවුරුදු 710 කට කලින් තිබ්බ විදියද? :yes:
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,581
    6,129
    113
    ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ හබල් දුරේක්ශෙ භාවිතා කරලා.

    එතකොට අපිට මේ දැන් එන්නේ අවුරුදු 710 කට කලි න් තිබ්බ විදියද? :yes:
    එහෙනම් දැන් ටිඅක වෙනස් වෙලා අති නේ බන්..

    දැන් ටිකක බඩු ,, වෙන වෙලාවක නිදහසේ කතා කරමු..මට දැනගන්න ඕන දෙවල් කෝටියක් තියෙන්වා
    ------ Post added on Feb 5, 2022 at 9:29 PM
     

    Similar threads