🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 13 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    පෘථිවියේ ඇති මහද්වීපවල පිහිටි විවිධ රටවල් හා නගරයන් රාත්‍රී කාලයේදී දිස්වන ආකාරය දැක්වෙන මෙම අපූරු චන්ද්‍රිකා ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ""ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය ආයතනය" (National Oceanic and Atmospheric Administration -NOAA) මගින් 2011 වසරේදී අභ්‍යවකාශ ගතකළ Suomi National Polar-orbiting Partnership (Suomi NPP) නම් කාලගුණ චන්ද්‍රිකාව විසින් ලබාගත් විවිධ චන්ද්‍රිකා ඡායාරූප සියගණනක දත්ත ඇසුරෙන් 2016 වසරේදී නිර්මාණය කරන්නට යෙදුණු මෙම චන්ද්‍රිකා ඡායාරූපය "Black Marble" යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබයි. ඡායාරූපයේ විවිධ ස්ථානයන්හි දිස්වන කුඩා ආලෝකයන් විදුලි ආලෝකයන් වන අතර එම විදුලි ආලෝකයන්ගේ පැතිරීම තීවෘ වීම සාගර වෙරළබඩ කලාප හා ගංගා ආශ්‍රිත කලාපයන්හීදී වැඩිවීමක් දක්නට හැකිය. මේවා එම රටවල්හි සීඝ්‍ර ජන ඝනත්වයක් ඇති ජනාකීර්ණ නගරවන අතර වනාන්තර හා කාන්තාර පිහිටා තිබෙන අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ, ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයන්ට වන්නට ආලෝකයන්ගෙන් තොර අදුරු කාලාපයන් දිස්වන ආකාරය මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැක.


    EarthAtNight2016_SuomiNPP_13500.jpg




    Suomi NPP




     

    Similar threads