🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 15 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nvexcIu.jpg


    ග්‍රහලෝකයන්ගේත්, අපගේ චන්ද්‍රයා ඇතුලු අනිකුත් උපග්‍රහයන්ගේත් දිවා පැත්ත හා අදුරු පැත්ත වෙන්වන සීමාඉර හදුන්වන්නේ "terminator" (twilight zone) යන නමින්‍ ය. සදෙහි මෙවැනි "terminators" දැක්වෙන ඡායාරූපයන් 29 ක දත්ත ඇසුරෙන් ඩිජිටල් තාක්ශනය ඇසුරෙන් නිර්මාණය කළ සදෙහි දිවා හා අදුරු පැති වෙන්කරන "terminator" සීමාව පෙන්නුම් කරන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත. මෙහි "terminator" ට අයත් කලාපයන් කැපී පෙනෙන සෙවනැලි සහිත ප්‍රදේශයන් මගින් හදුනාගත හැකි අතර "maria" (Lunar mare) නමින් හදුන්වන සදේ පිහිටා ඇති ප්‍රදේශ ඡායාරූපයේ දිස්වන අඳුරු කලාප වලින් නිරීක්ශනය කරගත හැකිය. මේ ඡායාරූපය නිර්මාණය කිරීමට යොදාගත් මුල් ඡායාරූපයන් හා දත්ත ලබාගෙන ඇත්තේ නාසා ආයතනය විසින් චන්ද්‍ර ගවේශන කටයුතු සදහා 2009 වසරේදී අභ්‍යවකාශ ගත කළ "Lunar Reconnaissance Orbiter" අභ්‍යවකාශ යානය මගිනි.


    TerminatorMoon_Shet_3117.jpg




    Terminator (Twilight Zone)


    Maria (Lunar mare)


    Lunar Reconnaissance Orbiter




     

    Similar threads