අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන මෙම ඡායාරූපයේ පෙරබිමෙන් උල් හැඩයන් ලෙස දිස්වන අපගේ ක්ෂීරපථය තුළ පිහිටා ඇති "The spiky stars" යනුවෙන් හදුන්වන තාරකාවන් දැකගත හැකිය. මේ අතර අපගේ ක්ෂීරපථයට (Milky Way Galaxy) අමතරව මන්දාකිණි ද්විතවයක් එකිනෙකට, අතිශයෙන් සමීප වීම හේතුවෙන් ඒ අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රයන්ගේ බලපෑම නිසා බිහිවූ දැකුම්කළු "අන්තර් ක්‍රියාකාරී මන්දාකිණියන්" (interacting galaxies)ද්විතවයක් මෙම ඡායාරූපයෙන් නිරීක්ශනය කර හැකිය. ඡායාරූපයේ දැක්වෙන පරිදි එම මන්දාකිණියන්හි සමීප හමුවීම් හේතුවෙන් ඇතිවන ගුරුත්ව රැලිවල (gravitational tides) බලපෑම ඒවායේ විකෘති ස්වරූපයන් සදහා හේතු වී ඇති අතර අනාගතයේදී මෙම මන්දාකිණි එකට ගැටීම නිසා තනි මන්දාකිණියක් බවට පත්වීම (galaxy merger) සිදු වේ. එලෙස මෙම ඡායාරූපයෙන් දිස්වන මන්දාකිනි ද්විත්වයක් සමීප වීමෙන් බිහිවූ අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි ද්විතවය වන්නේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 300 ක් දුරින්, ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියේ පිහිටා ඇති "Arp 273" (UGC 1810) නමින් හදුන්වන අන්තර් ක්‍රියාකාරී මන්දාකිණියන් ය. මුලදී තාරකා විද්‍යාඥයන් විසින් මෙම "අන්තර් ක්‍රියාකාරී මන්දාකිණියන්" විශ්වයේ හදුනා ගැනීමට අවකාශ හිමිවන දුර්ලභ සංසිද්ධියක් විය හැකි බවට මත පල කලද මේ වනවිට සිදුකළ ගවේෂණයන් තුළින් සොයාගෙන ඇත්තේ මෙම අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි යනු විශ්වයේ දක්නට හැකි ඉතා සුලභ සංසිද්ධියක් බවයි. මෙම "Arp 273" අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි ද්විතවයේ හැසිරීම අධ්‍යයනය කිරීම මගින් ඉදිරි අනාගතයේදී අප හටද මුහුණ දීමට සිදුවන මේ ආකාරයේ සංසිද්ධියක හැසිරීම හා ඒ නිසා ක්ෂීරපථය, පෘථිවිය ඇතුලු අපගේ සෞරග්‍රහ මණ්ඩලයට එල්ල විය හැකි බලපෑම් පුරෝකථනය කිරීම සදහාද මග හසර විවර වී ඇත. ඒ තවත් වසර බිලියන 5 කින් පමණ සිදුවෙතැයි අපේක්ශා කරන අපගේ ක්ෂීරපථය (Milky Way Galaxy) හා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය (andromeda galaxy) අතර සිදුවන ගැටීමයි. අපගේ ක්ෂීරපථයට ආසන්නයෙන්ම ඇති මන්දාකිණිය වන පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.537 දුරින් පිහිටි මෙම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 110 ක වේගයෙන් ක්ෂීරපථය දෙසට ළගාවෙමින් පවතී.
Andromeda–Milky Way collision

