විශ්වයේ ඇති මන්දාකිණි බොහෝමයක මධ්‍යයට වන්නට දීප්තිමත් තීරුවක් වැනි කලාපයක් එනම් "central bar" යනුවෙන් හදුන්වන කලාපයක් තිබේ. අපගේ ක්ෂීරපථයේ ඇති "central bar" එක යනුවෙන් හදුන්වන්නේ ක්ෂීරපථයේ ඇති සර්පිල බාහුවල මධ්‍යයට වන්නට පිහිටි දීප්තිමත් තීරුවක් ලෙස දිස්වන කලාපයයි. මෙම මධ්‍යයට වන්නට පිහිටා ඇති කලාපය අති දැවැන්ත කලු කුහර (supermassive black hole) සදහා නවාතැන් සපයන අතර ක්ෂීරපථය මධ්‍යයේ මෙලෙස පිහිටා ඇති දැවැන්ත කලු කුහරය වන්නේ "Sagittarius A*" (Sgr A*)නමින් හදුන්වන දැවැන්ත කලු කුහරයයි. මේ ආකාරයේ "central bar"එකකින් සමන්විත තවත් විශේෂ මන්දාකිණියක් ලෙස "NGC 6217" නමින් හදුන්වන සර්පිල මන්දාකිණිය (barred spiral galaxy) හැදින්විය හැකිය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 67 ක් දුරින් "Ursa Minor" (Little Bear) නම් තාරකා රාශියේ පිහිටා ඇති මෙම මන්දාකිණිය ආලෝක වර්ෂ 30 000 ක පමණ අරයකින් යුක්ත වේ. මෙම ඡායාරූපයෙන් මෙම මන්දාකිණිය තුළ පිහිටා තිබෙන අදුරු ධූලි මංතීරු, දීප්තිමත් නිල් තාරකාවන්ගෙන් සැදුම් ලත් තාරකා පොකුරු හා රතු විමෝචන නිහාරිකාවකින් (red emission nebula) නිකුත් කරන හයිඩ්රජන් වායුව නිසා හටගත් දිලිසුම ද දැකගත හැකි අතර මන්දාකිණියේ "central bar" කලාපය දීප්තිමත් ක්‍රියාකාරී න්‍යෂ්ටියකින් සමන්විත වන අතර එය මන්දාකිනිය මධ්‍යයේ පිහිටා ඇති දැවැන්ත කලු කුහරය (supermassive black hole) වෙනුවෙන් නවාතැන් සපයන කලාපය බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. අවසාන වශයෙන්, 2009 වසරේදී හසුකර ගැනීමට සමත් වූ මෙම අපූරු ඡායාරූපය ලබාගැනීමට හබල් දුරේක්ශයේ (Hubble Space Telescope - HST) ඇති Advanced Camera for Surveys (ACS) යන උපකරණය දායක වූ බවත් විශේෂයෙන් සදහන් කළ යුතු වේ.
NGC 6217 (barred spiral galaxy)