🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 24 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    "Beta Cygni" යනු මිනිසාගේ පියවි ඇසට පවා දර්ශනය කර ගත හැකි දීප්තිමත් තාරකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 420 ක් ඈතින් "Cygnus" තාරකා රාශියේ පිහිටා ඇති "දකුණු කුරුසිය" (Northern Cross) නමැති ප්‍රසිද්ධ තරු රටාවේ පාදමට වන්නට පිහිටා තිබෙන තාරකාව වන මෙය, සමීපයෙන් පවතින තාරක ද්විත්වයකින් සැදුම්ලත් "Double star" ගනයට අයත් වන තාරකාවක් ලෙස හදුන්වනු ලබයි. මෙම "Beta Cygni" තාරකාව "Albireo" නමින්ද හදුන්වන අතර ඊට අමතරව "Albireo AB" යන නම ද භාවිතා කරන අතර එම නමෙහි A හා B යන අක්ෂර දෙකෙන් මෙම තාරකාව සැදුම් ලත් තාරකා ද්විත්වය සදහන් කිරීම සදහා යොදාගැනේ. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන මෙම ඡායාරූපයෙන් මෙම "Beta Cygni" නැතහොත් "Albireo AB" යන තාරකාව සැදුම් ලත් තාරකා ද්විත්වය වන A හා B යන තාරකා හා ඒවායේ නිකුත් වන ආලෝකයේ දෘෂ්‍ය වර්ණාවලි පරාසය (ඡායාරූපයේ දකුණුපස) පෙන්නුම් කෙරේ.

    මෙහි දැක්වෙන තාරකාවන් ද්විත්වයෙන් ඉහළින් පිහිටා ඇත්තේ Albireo A යන තාරකාව වන අතර එය තාරකාවල ආලෝකය අනුව ගත්විට එය අයත් වන වර්ණාවලි පන්තිය (spectral class) වනුයේ "K" යන වර්ණාවලි පන්තියයි. (K-type giant star). මෙම තාරකාව අපගේ සූර්යයාගේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකින් (3806.85 °C/ 4 080 k) යුක්ත වන අතර මෙම තාරකාවෙන් නිකුත් වන ශක්තිය පිට කරන්නේ ආලෝකයේ රතු හා කහ යන තරංග ආයාම ලෙසය. මේ අතර "Albireo B" යන අනෙක් තාරකාව අපගේ සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් අධික වන අතර ආලෝකයේ ඉහළම තරංග ආයාමයන් වන නිල් හා දම් ආලෝකයන් යටතේ අනෙක් තාරකාවට වඩා වැඩි ශක්තියක් නිකුත් කරයි. "Albireo A" තාරකාව ද්විමය තාරකාවක් (binary star) ලෙසද හදුන්වන අතර මේ "Albireo A" තාරකාව හා Albireo B" තාරකාවත් එකෙනෙක ඉතා සමීපයෙන් පිහිටමින් එක් පොදු ස්කන්ධ කේන්ද්‍රයක් වටා කක්ෂගත වී පවතී. තාරකා විද්‍යාඥයන් විසින් මෙම Albireo A හා B තාරකාවන් ද්විතවය, දෘශ්‍ය ද්විත්ව තරුවකටත් (optical double star) වඩා භෞතික ද්විමය තාරකා පද්ධතියකින් පෙන්වන ලක්ෂණ වලට සමානකම් දක්වන බවට විශ්වාස කරන අතර එයට හේතු වී ඇත්තේ මෙම තාරකා ද්විත්වය එකිනෙකට වෙනස් ආකාරයේ චලනයන් පෙන්නුම් කිරීමයි.


    albireoSpectrum.jpg




    Beta Cygni /Albireo (Double star)

     

    Similar threads