🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 26 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන්නේ "NGC 4945" මන්දාකිණියේ අපූර්වයත්වය විදහා දක්වන දුරේක්ශීය ඡායාරූපයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 13 ක දුරින් "Centaurus" තාරකා රාශියේ පිහිටා ඇති මෙම මන්දාකිණිය ප්‍රමාණයෙන් අපගේ ක්ෂීරපථයට ( Milky Way Galaxy) විශාලත්වයෙන් සමාන වේ. ක්ෂීරපථයට ආසන්නයෙන්ම පිහිටා තිබෙන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට (Andromeda Galaxy) ඇති දුර මෙන් සය ගුණයක දුරින් පිහිටා ඇති මෙම "NGC 4945" මන්දාකිණිය තුළ ලාබාල නිල් තාරකා පොකුරු හා ඡායාරූපයේ රෝස පැහැයෙන් දිස්වන නව තාරාකාවන් බිහිවීමේ ක්‍රියාවලිය සිදුවන කලාප ද පිහිටා ඇත. මෙම මන්දාකිණියේ මධ්‍යයය දර්ශීය දුරේක්ශයන් (optical telescopes) මගින් ගවේශනය කිර්‍රිම අපහසු කාර්යයක් වී ඇති අතර ඒ වෙනුවට භාවිතා කළ X-ray සහ අධෝරක්ත නිරීක්ෂණ ක්‍රම මගින් මෙම මන්දාකිණිය මධ්‍යයයේ ඉතා ඉහළ බලශක්ති විමෝචනයක් සිදුවන බවත් ඒ සමගාමීව නව තාරකාවක් නිර්මාණය වීමේ ක්‍රියාවලියක් ද එහි සිදුවන බවත් නිරීක්ශනය කිරීමට තාරකා විද්‍යාඥයන් විසින් සමත් වී තිබේ. තවද මෙම මන්දාකිණියේ ඇති නොපැහැදිලි නමුත් ක්‍රියාකාරී න්‍යෂ්ටියෙහි ස්වභාවය මත එය, මධ්‍යයයේ දැවැන්ත කලු කුහරයකට නවාතැන් සපයන "Seyfert galaxy" ගනයේ මන්දාකිණියක දක්නට ලැබෙන ලක්ශන ද පෙන්නුම් කරන බව තාරකා විද්‍යාඥයන්ගේ නිරීක්ශනයන් තුළින් හෙළි කරගෙන තිබේ.


    NGC4945-Dietmar-Eric-crop.jpg




    NGC 4945





    Seyfert Galaxies

     

    Similar threads